හන්තාන සිහිනේ (බලා වැලපෙමි)

බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය ලසෝ රඟහල
අමාවක අඳුරේ නොඑනු මැන ළඳුනේ
බලා වැළපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ

හන්තාන සිහිනේ

ගී නද ‍: අරුණ ගුණවර්ධන
ගී පද ‍: ජානක සිරිවර්ධන
ගි හඬ : W.D අමරදේව / උමාරියා

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source