Posts

SANUKA - Perawadanak (පෙරවදනක්)

Image
පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුථ බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා Artist - Sanuka Wickramasinghe Lyrics - Uma Aseni Melody - Sanuka & Sangeeth Wickramasinghe Music - Sanuka Wickramasinghe @ Singha Records Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven

පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න…………….

Image
ඔයාට දවසක අඩන්න වුනොත්,, මට කතා කරන්න... මම ඔයාව හිනස්‌සනවා කියල,, පොරොන්දු වෙන්නෙ නැහැ,, එත් මට පුලුවන් ඔයත් එක්‌කම අඩන්න... ඔයාට දවසක හැමදෙයකින්ම ඈතට දිව යන්න ඔන වුනොත්,, මට කතා කරන්න... මම ඔයව නවත්ව ගන්නවයි කියල,, පොරොන්දු වෙන්නෙ නැහැ,, එත් මට පුලුවන් ඔයත් එක්‌කම දිවයන්න... ඔයාට දවසක කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදි ඉන්න ඔන වුනොත්,, මට කතාකරන්න.. මම පොරොන්දු වෙනව,, බොහෝම නිශ්ශබ්දව ඔයගෙ ලගටම වෙල ඉන්නවයි කියලා... එත් දවසක ඔයා මට කතා කලත්,, මගෙන් කිසිම පිලිතුරක්‌ නැති වුනොත්,, පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න……………. ~අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි

දළදා හාමුදුරුවනේ

Image
දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි ගී පද - සමුද්‍ර වෙත්තසිංහ  ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ  ගායනය - සුනිල් එදිරිසිංහ
Image
ආදර අඹරෝරෙදි ඔබ මා මඟ හැර ගියදා කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා විඳවන්න තිබුනා මට ඔබ සිහිකර කර මෙදා ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උනුසුම විඳ විඳ සුවසේ පෙරලී හිඳ මා තුරුලේ හිනැහුනු තරමට ඔබගේ ගත මා ලඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ අවරට යන හිරු සඳ වාගෙමද මා දුටුවේ වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ පහසම පමණද පැතුවේ මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ ගී හඬ  කල්පන නයනමඩු ගී නද පසන් ලියනගේ ගී පද කැළුම් ශ්‍රී මාල්

ඇරඹුමම කඳුලක්‌ වෙලා

Image
ඇරඹුමම කඳුලක්‌ වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා... දුක්‌බරම කවියක්‌ ලියා එහි පද පෙළක්‌ අඩුවෙන් තියා... අරුත පසදින්නට කියා අවසානයට පෙර ඈ ගියා... ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නිසා... අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා... ගී පද : දිලීප අබේසේකර ගී නද : නාලක අංජන කුමාර ගී හඬ : කසුන් කල්හාර 

ඔබගේ මතකෙන්

Image
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා ළංවෙලා කී කතා පාවෙලා මා දමා පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා විශ්වාසෙ කඩකල ඔයාට මං ආදරෙයි සදා වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා ඔබගේ මතකෙන්..... ගී පද : සජිත් චතුරංග ගී නද : රදීෂ් වැන්දබෝනා ගී හඩ: ශෙහාන් මිහිරංග

නොබලා මා දිහා

Image
නොබලා මා දිහා ඔයා යනවා කාගේදෝ වෙලා  සඟවා වේදනා දරා හැමදා ආදරේ කළා ඔබ නොයෙනා නිසා  කවුරුත් එපා තනිවීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා  මගේ ජීවිතේ වගේ ඔයා පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා දැනෙනා මිලාන වේදනා සඟවා හිඳින්න බෑ සදා ඉකිගා හඬානා රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා බලාන ඉන්නවා සිතා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා සන්තෝස යාමේ රහසින් බොඳවී ගියා දුක් වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා මට දාලා යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා සමාව තියෙනවා සදා  සිනාවන් ගෙනා වසන්තේ දමා...... නොබලා මා දිහා ඔයා…… ගී නද : කපිල් ගී හඬ : හර්ෂදේව ආරියසිංහ ගී පද : සජිත් චතුරංග