Posts

Showing posts from 2017

SANUKA - Perawadanak (පෙරවදනක්)

Image
පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුථ බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා Artist - Sanuka Wickramasinghe Lyrics - Uma Aseni Melody - Sanuka & Sangeeth Wickramasinghe Music - Sanuka Wickramasinghe @ Singha Records Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven

පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න…………….

Image
ඔයාට දවසක අඩන්න වුනොත්,, මට කතා කරන්න... මම ඔයාව හිනස්‌සනවා කියල,, පොරොන්දු වෙන්නෙ නැහැ,, එත් මට පුලුවන් ඔයත් එක්‌කම අඩන්න... ඔයාට දවසක හැමදෙයකින්ම ඈතට දිව යන්න ඔන වුනොත්,, මට කතා කරන්න... මම ඔයව නවත්ව ගන්නවයි කියල,, පොරොන්දු වෙන්නෙ නැහැ,, එත් මට පුලුවන් ඔයත් එක්‌කම දිවයන්න... ඔයාට දවසක කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදි ඉන්න ඔන වුනොත්,, මට කතාකරන්න.. මම පොරොන්දු වෙනව,, බොහෝම නිශ්ශබ්දව ඔයගෙ ලගටම වෙල ඉන්නවයි කියලා... එත් දවසක ඔයා මට කතා කලත්,, මගෙන් කිසිම පිලිතුරක්‌ නැති වුනොත්,, පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න……………. ~අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි