Posts

Showing posts from February, 2012

මකල් හා open source

Image
මකල් ට මේ post එක දාන්න හිතුනේ මකල් open source වලට ගොඩක් කැමති හින්දා වෙන්න ඇති. මකල් ට open source ගැන මුලින්ම කිව්වේ මකල් ගේ හොදම යාළුවෙක්. මෙකද්ද මේ open source කියන්නේ open source කියන්නේ අපි බාවිතා කරන software එකේ source code එක එහෙමත්ම නැත්නම් program එක හදන්න ගත්ත coding එක හැමෝටම අරගෙන, තමන්ට ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන් විදිහක්. මේක තාක්ෂණය නොමිලේ බෙදා හැරීමක් කියලා විස්තර කරන්නත් පුළුවන්.  ඇයි මේ open source  අපි හැමදෙනාම ගත්තොත් බොහෝ දුරට පාවිච්චි කරන්නේ windows. ඒත් windows පාවිච්චි කරන්න සල්ලි ගෙවන්න ඕන කියල ඔයගොල්ලො දන්නව ද ? අපි windows install කරන කොට දෙන නම්බර් එක සල්ලි වලට Microsoft එකෙන් ගන්න ඕනෙ නැත්නම් ඒක හොර කොපි යක් නැත්නම් pirate edition එකක් කියලා කියනවා. මකල් ට ආරංචි විදිහට නම් pirate copy පාවිච්චි කරන එකත් පවක් ලු. මොකද ඒකත් කඩේකින් හොරෙන් බඩු ගන්නවා හා සමානයි. ඒත් open source වලට එහෙම නෑ. අපිට open source නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් .  open source පාවිච්චි කරන්න අමාරුද ?     අපෝ නෑ open source සාමාන්‍ය අපි පාවිච්චි කරන විදිහටම පාවි

පෞද්ගලික විශ්ව විද්‍යාල (Private Campus)

මේ දවස් වල හැමෝම කථා කරන දෙයක් ගැන මකල් ටත් මොනව හරි blog එකේ කොටන්න හිතුනා ! මොකද මකලත් අධ්‍යාපනය ලබන්නේ private campus එකක හින්ද . මකලත් පොඩි කාලෙ ඉදල ආණ්ඩුවේ campus එකකට යන්න හීන දැකපු කොල්ලෙක්. ඒ මකලගෙ අක්ක නිසා වෙන්න ඇති. ඒත් පූරුවේ කරුමෙට මකලට ඒ හීනෙ සැබෑ කරගන්න බැරි වුනා :( ඉතින් මකල ගෙ අම්මයි තාත්තයි මකලව දැම්ම private එකකට. ටිකක් විතර වියදම් නම් තමා ඒත් පිටරටකට යන්න මකල ගෙ අම්මලට හයිය නැති හින්ද මේක වියදම් අඩුයි කියලා හිතෙනවා. මමත් මුල්ව දවස් වල හිතාගෙන හිටියේ private campus කියන්නේ කිසිම වැඩක් නැති සල්ලි වලට degree එක දෙන තැනක් කියල. ඒත් වැඩේ තේරුනේ ගියාට පස්සේ නොවෑ. මේක එසේ මෙසේ තැනක් නෙවෙයි හැම දාම  assignment, practical exam කෙලවරක් නෑ. අපිට rag එක වගේ ඒව නැති වුනාට අපි batch වල අය ඔක්කොම එකා වගේ ඉන්නවා. පොඩි පොඩි වලි එහෙමත් යනවා ඒත් ඉතින් ඒව පොඩි වෙලාවකට විතරයි. මේ දවස් වල ගොඩක් අය කෑගහන් නේ මොකට ද කියලා මකල් ට නම් තේරෙන්නෑ. ඔය කෑගහන අය පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් බැලුව නම් තේරෙයි සල්ලි වලට හැම දේම කෙරෙන්නේ නෑ  කියලා. මකල් ට හිතෙන්නේ ඕක ලංකාවේ හැටි කියල සල්ලි දුන්නා

මකල්

මේක මකල් ගේ පලවෙනි post එක. ඒක හින්ද මකල් ගැන මකල් ට post එකක් දාන්න හිතුනා මකල් කියන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ (දන්න සිංහලෙන් කියනවානම් SLIIT ) 2 වන වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්. මකලුත් අනිත් අය වගේ හොදට කාල බීල ඉන්න සාමාන්‍ය මනුස්පයෙක්. තව......................................... ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මකල් ට blog ලෑල්ල කරන්න idea එක දුන්න මකල් ගේ අක්කට ඒ වගේම මකල් ගෙ ලගින්ම ඉන්න අයියට යි. හැම වෙලාවෙම මකල් ලග ඉන්න අම්මටයි තාත්තටයි මකල් එක හිතින් පිං දෙනවා.......!!!! අයෙනම් මකල් ට මුකුත් ලියන්න හිතෙන් නෙ නෑ  ඕන් ඒක හින්දා මකල් නවතිනවා ආයෙත් දවසක ලෑල්ල ගාවට සෙට් වෙමු......................... !!!!!!!!!!!!!