නොබලා මා දිහා

නොබලා මා දිහා ඔයා යනවා කාගේදෝ වෙලා 
සඟවා වේදනා දරා හැමදා ආදරේ කළා
ඔබ නොයෙනා නිසා 
කවුරුත් එපා තනිවීලා ඉන්නවා

සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා 
මගේ ජීවිතේ වගේ ඔයා

පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා සඟවා හිඳින්න බෑ සදා
ඉකිගා හඬානා රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා

සන්තෝස යාමේ රහසින් බොඳවී ගියා
දුක් වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා 

සිනාවන් ගෙනා වසන්තේ දමා......


නොබලා මා දිහා ඔයා……

ගී නද : කපිල්
ගී හඬ : හර්ෂදේව ආරියසිංහ
ගී පද : සජිත් චතුරංග 

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source