Posts

Showing posts from 2016

දළදා හාමුදුරුවනේ

Image
දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි ගී පද - සමුද්‍ර වෙත්තසිංහ  ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ  ගායනය - සුනිල් එදිරිසිංහ
Image
ආදර අඹරෝරෙදි ඔබ මා මඟ හැර ගියදා කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා විඳවන්න තිබුනා මට ඔබ සිහිකර කර මෙදා ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උනුසුම විඳ විඳ සුවසේ පෙරලී හිඳ මා තුරුලේ හිනැහුනු තරමට ඔබගේ ගත මා ලඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ අවරට යන හිරු සඳ වාගෙමද මා දුටුවේ වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ පහසම පමණද පැතුවේ මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ ගී හඬ  කල්පන නයනමඩු ගී නද පසන් ලියනගේ ගී පද කැළුම් ශ්‍රී මාල්

ඇරඹුමම කඳුලක්‌ වෙලා

Image
ඇරඹුමම කඳුලක්‌ වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා... දුක්‌බරම කවියක්‌ ලියා එහි පද පෙළක්‌ අඩුවෙන් තියා... අරුත පසදින්නට කියා අවසානයට පෙර ඈ ගියා... ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නිසා... අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා... ගී පද : දිලීප අබේසේකර ගී නද : නාලක අංජන කුමාර ගී හඬ : කසුන් කල්හාර 

ඔබගේ මතකෙන්

Image
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා ළංවෙලා කී කතා පාවෙලා මා දමා පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා විශ්වාසෙ කඩකල ඔයාට මං ආදරෙයි සදා වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා ඔබගේ මතකෙන්..... ගී පද : සජිත් චතුරංග ගී නද : රදීෂ් වැන්දබෝනා ගී හඩ: ශෙහාන් මිහිරංග

නොබලා මා දිහා

Image
නොබලා මා දිහා ඔයා යනවා කාගේදෝ වෙලා  සඟවා වේදනා දරා හැමදා ආදරේ කළා ඔබ නොයෙනා නිසා  කවුරුත් එපා තනිවීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා  මගේ ජීවිතේ වගේ ඔයා පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා දැනෙනා මිලාන වේදනා සඟවා හිඳින්න බෑ සදා ඉකිගා හඬානා රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා බලාන ඉන්නවා සිතා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා සන්තෝස යාමේ රහසින් බොඳවී ගියා දුක් වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා මට දාලා යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා සමාව තියෙනවා සදා  සිනාවන් ගෙනා වසන්තේ දමා...... නොබලා මා දිහා ඔයා…… ගී නද : කපිල් ගී හඬ : හර්ෂදේව ආරියසිංහ ගී පද : සජිත් චතුරංග 

සැනසෙන්නම් මා

Image
රූ අහසේ තරැ දිලුනට නෑ එළියක් ඒ හඳ වාගේ  ජීවිතයට මෙනවා තිබුනද නෑ කිසිවක් ඒ නුඹ වාගේ සැනසෙන්නම් මා නුඹ ලඟනම් හැම මෙහොතෙම  හඳුනා ගන්නට ජීවිතයම සනහයි නම් මා නුඹ හා ගෙනවා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත පාට ඉතිරෙන  දේදුන්ක හැඩ පාවෙන සුළගේ යන්නෑ බොඳ වී  ලෝකය ගැන ඔබ දකිනා හිත පාට පාට දේදුන්නක් වාගේ සැනසෙන්නම් මා නුඹ ලඟනම් හැම මෙහොතෙම  හඳුනා ගන්නට ජීවිතයම සනහයි නම් මා නුඹ හා ගෙනවා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත ගී හඬ/ පද / නද  : සේනක බටගෙඩ 

හන්තාන සිහිනේ (බලා වැලපෙමි)

Image
බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළඳුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රඟමඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ලසෝ රඟහල අමාවක අඳුරේ නොඑනු මැන ළඳුනේ බලා වැළපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ හන්තාන සිහිනේ ගී නද ‍: අරුණ ගුණවර්ධන ගී පද ‍: ජානක සිරිවර්ධන ගි හඬ : W.D අමරදේව / උමාරියා

ආදරයද මේ..............

Image
ගිමන් හරින දියඹ දිගේ  සුසුම් හෙලන වෙරළ ඉමේ  බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා  සද ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙලී තිබුණු  නෙත් දැහැනේ ගලා හැලූණු  මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ  හිරු රහසේ කියා දුන්න ආදරයද මේ නිල් කටරොළු නිල නැහැවුණ  මල් දර මුදු සුව රැඳවුණ  තොල්පෙති කල් ඵලදාලන ආදරයද මේ  නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ පද රචනය : ජානක සිරිවර්ධන සංගීතය : අරුණ ගුණවර්ධන ගායනය : W.D අමරදේව