දළදා හාමුදුරුවනේ

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

ගී පද - සමුද්‍ර වෙත්තසිංහ 
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 

ගායනය - සුනිල් එදිරිසිංහ

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

මකල් හා open source