Posts

Showing posts from May, 2013

MY NAME IS MAKAL AND I AM NOT A TERRORIST

Image
යු ද්දෙ ඉවර වෙලා අවුරුදු 4 ලු. මාරයි අවුරුදු 4 ක් ගිහින්. මේ දවස් වල මේ ගැන ආයෙත් උත්සව තියෙනවලු රට පුරා. අපේ රටේ මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සති 2යි ලු ඒක නිසා වෙන්න ඇති ආණ්ඩුවේ මැති ඇමති ගොල්ලො සති 2න් 2කට මේ ගැන මතක් කරල අවුරුද්කට සැරයක් මේ ගැන ලොකුවට උත්සව තියන්නේ. උත්සව තිබ්බට කමක් නෑ ඒත් මේ වගේ පිස්සු වැඩ වලට නාස්ති කරන්නේ මහජන මුදලුයි කාලයයි කියල කාටවත් ඇයි තේරෙන්නේ නැත්නේ ඒ තරමටම අපේ මිනිස්සු අන්ධ වෙලාද ? මකල්ට මේ මුකුත් තේරෙන්නේ නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් තමයි. ඒ මනුස්සයා මරපු දවස සමරන්න තරම් අපි තිරිසන් වෙලා ද ? අපි සිංහල බොදු රටක් නේ ද ? මිනිහෙක් මරල අවුරුදු පතා ජොලි කරන එක අපේ ආගමට එකගද ? . කෝ මේ ගැන ඇයි බොදු බල සේනා නැගිටින්නේ නැත්තේ ? දුටුගැමුණු රජතුමා එළාරව මරපු තැන චෛත්‍යක් හැදුවලු. මම හිතන්නේ නෑ දුටුගැමුණු රජතුමත් විජයග්‍රහණයේ සැමරුම අවුරුදු පතා කරා කියලා. පොඩ්ඩක් හිතල බලන්න මේ ගැන මේ වගේ පුහු දේවල් කරන්න තරම් අපි නිවට උනේ ඇයි කියලා.  දැන් මේ උත්සවේ දැකල ඇමරිකන් කාරයොත් සමරන්න පටන් ගනියි ද දන්නේ නෑ. මේ දවසේ මේ විකාර කරන්නේ නැතිව දානයක් දීල