ආදරයද මේ..............

ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු 
නෙත් දැහැනේ ගලා හැලූණු 
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ 
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුණ 
මල් දර මුදු සුව රැඳවුණ 
තොල්පෙති කල් ඵලදාලන ආදරයද මේ 

නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ




පද රචනය : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන
ගායනය : W.D අමරදේව

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source