Posts

Showing posts from July, 2012

Bu.mp

Image
මේ post එක දාන්න හිතුනේ මකල්ට හම්බ වුන mobile app එකක් හින්ද යි. මේකේ නම Bump. ඇත්තටම මේ app අපේ භාෂාවෙන් කියනවා නම් පට්ට app එකක්. මේ app හදල තියෙන්නේ අපේ phones වල තියෙන contact, Images,Apps ලේසියෙන්ම හුවමාරු කරගන්න. මේ app එක දැනට android හා apple platforms වලට හාවිතයට ගන්න පුළුවන්. ඇත්තටම මේ app එක වැඩ කරන්න වැඩ කරන internet connection  හා gps පහසුකම තිබීම අනිවාර්යයි. මේ ඇප්ලිකේෂන් එක install කර ගත් පසුව අපි data transfer කරන්න යන phone එකේ මේ app එක තිබීමත් අනිවාර්ය කාරණයක්. මේ ඇප්ලිකේෂන් එක open කර ගත් පසුව හුවමාරු කිරීමට අවශ්‍ය දත්තය තේරා අනෙක් phone එකත් සමග bump කරාම (අපේ භාෂාවෙන් කියනවා නම් අනික් phone එකත් එක්ක fist bump කිරීම විතරයි අවශ්‍ය) එසැනින් phone 2 ක එකිනෙකට connect වෙලා data transfer කරගන්නවා. මේ video එක බලන්න කෝ එතකොට මේ මොකද්ද කියලා ඔය ගොල්ලන්ටත් වැටහෙයි..     apple phone භාවිතා කරන අය දන්නවා ඇති.  apple phone එකකින් තවත් phone එකකය data යවන එක කොචිචර අමාරුද කියලා. අන්න ඒ ප්‍රශ්ණයට මේක සාර්ථක විසදුමක් කියලා මකල්  හිතෙනවා...  එමෙනම් දාන්න හොද fit එකක් :

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

Image
ඔන්න කාලෙකට පසසේ මකල් අයෙත් blog එක පැත්තෙ ආවා. ගිය දවස් වල මකල් ට blog එක පැත්තේ එන්න විදිහක් තිබුනෙ නෑ නොවැ. එත් දැන් මකල් ගෙ අක්කට පිං සිද්ද වෙන්න මකල්ටත් දැන් internet connection එකක් තියෙනවා. මකල් ගෙ අක්කට පිං.  අල ගිය මුල ගිය තැන් ගැන කථා කලා ඇති නොවෑ. මකල් මේ post එක දාන්න හිතුවේ මකල් ගිය මාසේ සිරිපා වන්දනා වේ ගියා නොවෑ ඒ මකල් ගෙ යාළුවො කට්ටිත් එක්ක. කට්ටිය බලන වා ඇති මකල් කොහොමද සිරිපාදෙ ගියේ කියල. මේ අවාරෙ නොවෑ. ඈතට සිරිපාදේ දිස්වන අයුරු අවාරෙ සිරිපා යන්න පුලුවන්න ද ? ඔව් පුලුවන් ඒකෙ කිසිම ප්‍රශ්ණයක් නෑ ! අවාරෙ සිරිපා යන අය කිල්ලට / වස් වදිනවා ද ? මොන බොරු ද අපි යන්නේ සුභ චේතනාවෙන් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ අනික බුදුන් වදින්න යන අයට වස් වදින ද ! අවාරෙ සිරිපා යන්නේ කොහොම ද ? අවසර ගන්න ඕනෙද ? එහෙම විශේෂ යක් නෑ අවසර ගන්න කියලා දෙයක් නෑ. හැබැයි සිරිපා වාරේ වගේ පාර දිගට කඩවල් වත් මිනිස්සුවත් කවුරුත් නෑ. අනික අවාරෙ සිරිපා යනවනම් පරණ පුරුදු නල්ලතන්නි පාරෙන් යන්නේ නැතිව රජ මාවතෙන් හරි එරත්තන පාර(කුරුවිට පාර) මේ පාරවල් දෙකම තියෙන්නේ රත්තපුරෙන්. මකල් සිරිපා නැග්ගේ රජ මාවතෙන්