Posts

Showing posts from 2012

අළුත් වැඩක්. Need Help from U

Image
ඔන්න අද ඉදල මකල් අළුත් වැඩක් පටන් ගන්න කියලයි හිතාගෙන ඉන්නේ. මකල් ඉගෙන ගන්නේ IT කියලා ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඇති නේ. ඒක නිසා මකල්ට හිතුනා programming ලැන්වේජ් ගැන දල අදහසක් දෙන්නත් එක්ක කෝඩින්  Articles ටිකක් blog එකට දාන්න කියලා. එහෙම කිව්වට මට තවම කිසිම අදහසක් නෑ මේක කොහොමද කරන්නේ කියලා ඒක නිසා ඕගොල්ලන්ගෙන් අහල බලන්න හිතුනා. ඕගොල්ලෝ මොකද හිතන්නේ මම පටන් ගන්න ඕනෙ කොතන ඉදලද ?

Dream Come True

Image
වෙලාව 2.30 ට විතර ඇති. කොමන් එක ගාවින් එන කොට කටිට්ය ගෙඩයි. මොකද වෙන්නේ කියල බලන්ත් එක්ක මකලුත් ඔලුව දාලා බැලුව. අප්පට සිරි අපේ උන් ඔක්කෝම පෝලින් ගැහිල. මොකද්ද සිද්දිය කියල බලන්නත් එක්ක මකලුත් ගියා කොමන් එක ඇතුලට. එතකොටම කොහෙන්දෝ ආපු අයිය කෙනෙක් අහපි “මල්ලිත් ..‍සෙට් වෙනව ද කට්ටියත් නෑ කියල “. මකලුත් ඔන්න ඔව් කියපු ගමන් අර අයියා කිව්වා අන්න අතනට ගිහින් බර බලල ඤ ‍ෆෝම් එකක් ඉල්ල ගන්න කියලා. ඔන්න ඉතින් මකලුත් ගියා බර  කිරන්න කියලා. තරාදිය උඩ හිට ගත්ත විතරයි කට්ට ගිහින් නතර උනේ 75 උඩ. මකලුත් ඒ තරම් බරයි කියලා මකල්වත් දැන ගෙන හිටියේ නෑ :) . එතන හිටපු අන්කල් කෙනෙක් බර 75 යි කියල ෆෝම් එකේ ලියලා දුන්න මේක පුරවන් එන්න කියලා.   ෆෝම් එක වීරයා වගේ ගත්තට මකලුත් දැන් නම් ටික ටික වෙව්ලනවා කියලා මකල්ට තේරෙනවා. ඔන්න ඔය අස්සෙම සුළු දිය අඩස්සියකුත් හැදිල. ෆෝම් එක යාළුවෙකුට දීලා මකලුත් ගියා එහා පැත්තෙ තියෙන wash room  එකට........................................................................................................................................................... ගිහින් ඇවිල්ලා ඉල්ල ගත්තා

සුව නින්ද

Image
ඔන්න කාලෙකට පස්සේ blog එක පැත්තට ආවේ. මේ post ගැන වරදවා හිතන්න එපා අනික මේක ලස්සන post එකකුත් නෙවෙයි. ඇත්තටම මකල් SLIIT යන්නේ බෝඩිමක ඉදලා නොවෑ. SLIIT 1 වසර ඉන්න කාලෙ නම් මකල්ගේ අක්කට සෑහෙන්න වද දුන්න අක්කලාගේ ගෙදර ඉදලා ඇවිල්ලා. ඉතින් මකල් 2 වසරට ආව ගමන් බෝඩිමක් හොයා ගත්තා. බෝඩිමක් කිව්වට මේක ගෙදරක්. බෝඩිමේ ඔක්කොම 4 යි. පිස්සු කෝටියයි. ඉතින් බෝඩිමට එන දවස් වල මකල් නිදා ගත්තේ අකුලන ඇදක. මුල් දවස්වල නම් නියමෙට නිදා ගත්තා ඒත් පහු පහු වෙන්න ඇද පිස්සු නටන්න පටන් ගත්තා. ඉතින් මකල් මකලුත් මාස 9 ම දුක් විදලා නිදා ගත්තා. මේ ගැන දුක හිතිල මකල් ගෙ අක්කා මකල්ට පට්ටම පට්ට ඇදක් ඊයේ අරන් දුන්න. ආයෙ ඉතින් කියල වැඩක් නෑ ඇදනම් මල් 500 යි. මකල් නිදා බෝඩිමට ආවත් හරි මෙහෙම නිදා ගෙන නෑ කවදාවත්. ඒත් මකල් ගෙ රූමනම් කිව්වෙ මකල් පරණ ඇදේ වගේ මේ ඇදෙත් ගුලි වෙලා නිදා ගන්නවා කියලා. ඇත්ත වෙන්න ඇති. තවම ඉතින් ඇද ගත්තා විතර නේ. කල් යන කොට හරි යයි. ඉතින් මකල්ගේ අක්කට පිං දෙන ගමන්න මේ විකාර post එක නතර කරන්න හිතුවා ‍ඕන්. රූපෙ ඉන්න අක්කා තරම් මේ ඇදේ නිදාගන්න එක ලේසි නෑ

blog එකේ නම වෙනස් කලෙමි

Image
ඇත්තටම මකල් ට මේ idea එක ඇවිත් දවස් කීපයක් විතර වෙනවා. මකල් ඉස්සර භාවිතා කල නම දිග වැඩි නිසා ඔන්න blog එකේ නම මකල් කියලා වෙනස් කරා. ඉතින් අදින් පස්සේ blog ලෑල්ල නෑ ඕන්.

දුරකථන භාවිතා කරන ඔබත් මෙහි බිල්ලක් ද ? Nomophobia

Image
ඇත්තටම මොකද්ද මේ   Nomophobia කියන්නේ ?? ජංගම දුරකථනය නැතිව සිටීමෙන් ඇතිවන භීතිකාව මේ නමින් හදුන්වනවා. මේ පිළිබද පරීක්ෂණ පවත්වපු මහ බ්‍රිතාන්‍ය පරීක්ෂකවරු සොයාගෙන ඇති වාර්ථා අනුව 53% පිරිසක් තමාගේ දුරකථනය නැතිවී යාවි හෝ බැටරි බැස යාම හෝ දුරකථනයේ credit හෝ signal නැති වී යැයි යන සාංකාවෙන් තිතරම පසු වන අතර මේ අතුරින් 58% පිරිමි වන අතර ඉතිරි 48% ගැහැණු වේ. මීට අමතරව 9% ක පිරිසක් තම දුරකථනය ක්‍රියා විරහිත වු විට ආතතියෙන් පෙලේ. පුද්ගලයින් 2163 දෙනෙකු මෙම පරීෂණය සදහා සහභාගී කරගෙන ඇති අතර මෙයින් 55% ක් පෙන්වාදී ඇත්තේ දුරකථනය ක්‍රියා විරහිත වු විට ඔහුන් හා ඔහුන්ගේ යහළුවන් හෝ පවුලේ සාමාජිකයන් අතර සම්බන්දතාව ගිලිහී යාම මෙම භීතිකාවට හේතුවන බවයි.  Nomophobia ඇති 2 නෙකුගෙන් එක් අයෙකු කිසිවිටක තම දුරකථනය ක්‍රියා විරහිත නොකරන බව තවදුරටත් මෙම පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.      ඇත්තටම කොහොමද මේ නම හැදුනේ කියව එකත් බැලිය යුතුමයි. දුරකථනය නැතිවීම දන්න ඉංගිරිසියෙන් කියනවා නම් NO MO BILE PHONE හා භීතිය PHOBIA  කියන වචන එකතු කරල තමයි මේ භීතිය නම් කරල තියෙන්නේ.  මේ භීතිකාව විවාහ දිනයේ දී ඇතිවන  weddin

keypad එකට නිවාඩුවක්

Image
මකල්ට මේ post එක දාන්න හිතුනේ මීට දවස් කීපයකට කලින් මකල් දැකපු article එකක් හින්දයි. අපි එදිනෙදා ජීවිතයේ දී අපේ වැඩ පහසු කරගන්න එක එක ක්‍රම හොයනවානේ අපි internet එකේ මොනවා හරි හොයනවා නම් නිතැතින්ම මතකයට එන්නේ කවුද................? Google.com නිකන් කථාවටත් කියන්නේ ගූගල් කරලා බලන්න කියලනේ. දැන් කාලෙ වෙනස් තාලේ අළුත්. අපි එදිනෙදා භාවිතයට ගන්න ජංගම දුරකථනයත් Google ස්ර්චි කිරීමේ වැඩ වලට අපි භාවිතා කරනවාන්. අපි Google site එකට ගිහින් ඒ තියෙන text box එකේ type කරන එකනේ සාමාන්‍ය විදිහ ! ඉතින් දැන් Google සමාගම මේ ක්‍රමයට අළුත් පිලියමක් හොයාගෙන තියෙනවා. ස්පර්ශ සන්වේදී දුරකථන (සිංහලෙන් කියනවානම් touch phone) භාවිතා කරන අය මුහුණ පාන එක ගැටළුවක් තමයි එම දුරකථන වල keypad එකක් නැති වීම ඉතින් ඒ අය දුරකථන තිරය මත දිස්වෙන keyboard එක භාවිතා කරල තමයි මොනවහරි type කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රමය කරදර හින්දා Google සමාගම Google Hand write හදුන්වා දීල තියෙනවා. hand write භාවිතා කරන එක හරිම ලේසියි කරන්න තියෙන්න් google handwire enable කරලා google කරන්න තියෙන වචනය ඕගොල්ලන්ගේ display එකේ නිමන් අදින එක විතරයි එත

Bu.mp

Image
මේ post එක දාන්න හිතුනේ මකල්ට හම්බ වුන mobile app එකක් හින්ද යි. මේකේ නම Bump. ඇත්තටම මේ app අපේ භාෂාවෙන් කියනවා නම් පට්ට app එකක්. මේ app හදල තියෙන්නේ අපේ phones වල තියෙන contact, Images,Apps ලේසියෙන්ම හුවමාරු කරගන්න. මේ app එක දැනට android හා apple platforms වලට හාවිතයට ගන්න පුළුවන්. ඇත්තටම මේ app එක වැඩ කරන්න වැඩ කරන internet connection  හා gps පහසුකම තිබීම අනිවාර්යයි. මේ ඇප්ලිකේෂන් එක install කර ගත් පසුව අපි data transfer කරන්න යන phone එකේ මේ app එක තිබීමත් අනිවාර්ය කාරණයක්. මේ ඇප්ලිකේෂන් එක open කර ගත් පසුව හුවමාරු කිරීමට අවශ්‍ය දත්තය තේරා අනෙක් phone එකත් සමග bump කරාම (අපේ භාෂාවෙන් කියනවා නම් අනික් phone එකත් එක්ක fist bump කිරීම විතරයි අවශ්‍ය) එසැනින් phone 2 ක එකිනෙකට connect වෙලා data transfer කරගන්නවා. මේ video එක බලන්න කෝ එතකොට මේ මොකද්ද කියලා ඔය ගොල්ලන්ටත් වැටහෙයි..     apple phone භාවිතා කරන අය දන්නවා ඇති.  apple phone එකකින් තවත් phone එකකය data යවන එක කොචිචර අමාරුද කියලා. අන්න ඒ ප්‍රශ්ණයට මේක සාර්ථක විසදුමක් කියලා මකල්  හිතෙනවා...  එමෙනම් දාන්න හොද fit එකක් :

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

Image
ඔන්න කාලෙකට පසසේ මකල් අයෙත් blog එක පැත්තෙ ආවා. ගිය දවස් වල මකල් ට blog එක පැත්තේ එන්න විදිහක් තිබුනෙ නෑ නොවැ. එත් දැන් මකල් ගෙ අක්කට පිං සිද්ද වෙන්න මකල්ටත් දැන් internet connection එකක් තියෙනවා. මකල් ගෙ අක්කට පිං.  අල ගිය මුල ගිය තැන් ගැන කථා කලා ඇති නොවෑ. මකල් මේ post එක දාන්න හිතුවේ මකල් ගිය මාසේ සිරිපා වන්දනා වේ ගියා නොවෑ ඒ මකල් ගෙ යාළුවො කට්ටිත් එක්ක. කට්ටිය බලන වා ඇති මකල් කොහොමද සිරිපාදෙ ගියේ කියල. මේ අවාරෙ නොවෑ. ඈතට සිරිපාදේ දිස්වන අයුරු අවාරෙ සිරිපා යන්න පුලුවන්න ද ? ඔව් පුලුවන් ඒකෙ කිසිම ප්‍රශ්ණයක් නෑ ! අවාරෙ සිරිපා යන අය කිල්ලට / වස් වදිනවා ද ? මොන බොරු ද අපි යන්නේ සුභ චේතනාවෙන් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ අනික බුදුන් වදින්න යන අයට වස් වදින ද ! අවාරෙ සිරිපා යන්නේ කොහොම ද ? අවසර ගන්න ඕනෙද ? එහෙම විශේෂ යක් නෑ අවසර ගන්න කියලා දෙයක් නෑ. හැබැයි සිරිපා වාරේ වගේ පාර දිගට කඩවල් වත් මිනිස්සුවත් කවුරුත් නෑ. අනික අවාරෙ සිරිපා යනවනම් පරණ පුරුදු නල්ලතන්නි පාරෙන් යන්නේ නැතිව රජ මාවතෙන් හරි එරත්තන පාර(කුරුවිට පාර) මේ පාරවල් දෙකම තියෙන්නේ රත්තපුරෙන්. මකල් සිරිපා නැග්ගේ රජ මාවතෙන්

හෝ ගාන පොකුණ

Image
මේ පෝස්ට් එක කෙටන්න හිතුනෙ මකල් ගිය සතියෙ මකල් ගෙ යාළුවොත් එක්ක හෝ ගාන පොකුණට ගිය නිසා වෙන්න ඇති. හෝ ගාන පොකුණ මොකද්ද කියලා ඔයගොල්ලො දන්නවා ඇති නේ. මකල් පොඩි කාලේ හරිම ආසයි හෝ ගාන පොකුණේ නාන්න ඒත් මොනව කරන්නද හෝ ගාන පොකුණ මකල් ඉන්න පැත්තට ගොඩාක් දුරයි නොවෑ. පොඩි කාලෙ ඉදල මකල් ගෙ හිතේ තිබුන ආසාවක් තමයි මේ පොකුණ ගාව රැ යක් ගත කරන එක. ඒ ආසාවත් ගිය සතියෙ මකල් ගෙ යාළුවන්ට පිං සිද්ද වෙන්න සැබෑ වුනා. ඇත්තටම හෝ ගාන පොකුණ කියන්නේ හරිම පුදුමාකාර තැනක් දුක , සතුට ගෙවා ගන්න තියෙන අරුම පුදුම තැනක්. මකල් එදා දවසෙම කලේ හෝ ගාන පොකුණට කකුල් 2 ක දාගෙන පරක් තෙරක් නොපෙනන තරු පිරිණු අහස දිහා බලන් හිටපු එකයි. එහෙම බලන් ඉන්න කොට මකල්ට හිතුන දෙයක් තමයි මේ පොකුණ සමහර වෙලාවට කොච්චර දරුණු වුනත් පුංචි ලමයෙක් වගේ මෙයා ආයෙත් කිසිම දෙයක් නොවුන ගානට ඉන්න එක කොච්චර පුදුම දෙයක් ද කියන එක. එදා දවසම මකල් ට හිතුනේ ඔය වගේ දේවල්  හින්ද මකල් ගෙ යාළුවො කිව්වෙ මකල් ගෙ මොලෙත් පොකුණ ගාව ඉදල ලුණු වලින් පෙගිල කියල යි. මකල් එක්ක මේ ගමන ගිය මකල් ගෙ යාළුවො තමයි සයිකා, සුජ්ජා, මෙන්ඩියා , ගජ්ජා , සජ්ජා , බිජ්ජා , ගලයා , නිප්පා

බොරු කියන්නේ බලා ගෙනයි.

Image
අපි එදිනෙදා ජීවිතයේ දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කොච්චර බොරු කියනවා ඇත්ද ? ඒත් අපි කොයි වෙලාවක වත් දැන ගෙන ඉදල තියෙනවා ද අපි කියන බොරු අපේ මුහුණෙන් පෙන්නනවා කියලා..... මේ ක්‍රියාවලිය Micro Expression කියලා හදුන් වනවා එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර අභිනය කියලා හදුන්වන්නත් පුලුවන්.  අපි මුහුණ දෙන හැගීම් හෝ තත්ව යටතේ මුහුණේ ඊබේ ඇතිවන ක්ෂණික ඉරියවු වෙනස් වීම ක්ෂුද්‍ර අභිනයක් ලෙස හදුන්වන්න පුලුවන්.ක්ෂුද්‍ර අභින ඇති වීමට මුහුණේ ඇති මාංශ පේශි උපකාරවේ. මෙම ඉරියව් වෙනස් වීම සාමාන්‍යෙයන් ඇතිවන ඉරියව් වෙනස් වීම සේ සගවා තබා ගත නොහැක. ක්ෂුද්‍ර අභින 7 ක් ප්‍රධාන වශයෙන් හදුනාගත හැක ඒවා නම් , තරහව බිය දුක සතුට පුදුමය නින්දාව /   අවමන / හෑල්ලුව කළකිරීම / පිලිකුල් බව මෙම අභින සියල්ලම සියළුම සතුන් හා මිනිසුන්ට පොදු වන අතර ඔහුන්ගේ රූප ස්වභාවය , ජාතිය ,..... මත මෙය වෙනස් නොවේ. මෙම අභින ඉතා ඉක්මන්න් ඇති වන අතර එම කාලය 1/25 – 1/15 තත්පර සේ ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙම අභින නීරීක්ෂණය කිරීමට අවශ්‍යනම් වඩාත් උනන්දුවෙන් එය කිරිය යුතුය. මෙම අභිනයන් වැරදි කරුවන් හදුනා ගැනීමේ නවතම ක්‍රම

Android

Image
කාලෙකට පස්සේ blog එකට බැස්සේ. ගිය සතියෙම මකල්ට mid exam එකනේ ඉතින් වැඩ කෝටියයි :) මේ සැරේ post එක හැම දෙනාම මේ දවස්වල කථා කරන Android ගැන. Android ඇත්තට ම මොකද්ද මේ ?  Android කියන වචනයේ තේරුම නම් මින්ස් රුව ඇති රොබෝ කියන එකලු (මදුර ශබ්දකෝෂයට අනුව). එතකොට මොකද්ද මේ phone වල භාවිතා කරන android කියන්නේ. Android කියන්නේ Linux Kernel  එක භාවිතා කරල සාදපු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක්. නැත්නම් mobile Os එකක් මේ Os එක හැදුවේ Google සමාගම විසින් 2005 දී මිලයට ගත් android නම් සමාගම විසිනි. ඒ අනුව මෙම Os එක Open Source Os එකක් විදිහට Google විසින් 2007 ප්‍රසිද්ධියට පත් කරා. ඇන්ඩොයිඩ් පරිඝණක භාෂා කීපයක එකතුවක් මෙහි හරය C වලින්ද අතුරු මුහුණත (User Interface) එක java ද ඊට අමතරව C++ ද හැඩගැන් වී තිබෙනවා. ඇන්ඩොයිඩ් සංස්කරණ මේ වන විට කිහිපයක් දැනටමත් නිකුත් වී ඇති අතර මේ සංස්කරණ වල හැදින්වීමේ නාම සියල්ලම අතුරු පස වල නම් වීම විශේෂයක් සේ සලකනු ලබයි. 1.5 (කප් කේක්) - මූලිකව ජංගම දුරකථන සදහා 1.6 (ඩෝනට්) - මූලිකව ජංගම දුරකථන සදහා 2.0 (ඉක්ලෙයා) - මූලිකව ජංගම දුරකථන සදහා 2.1 (ඉක

මකල් හා open source

Image
මකල් ට මේ post එක දාන්න හිතුනේ මකල් open source වලට ගොඩක් කැමති හින්දා වෙන්න ඇති. මකල් ට open source ගැන මුලින්ම කිව්වේ මකල් ගේ හොදම යාළුවෙක්. මෙකද්ද මේ open source කියන්නේ open source කියන්නේ අපි බාවිතා කරන software එකේ source code එක එහෙමත්ම නැත්නම් program එක හදන්න ගත්ත coding එක හැමෝටම අරගෙන, තමන්ට ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන් විදිහක්. මේක තාක්ෂණය නොමිලේ බෙදා හැරීමක් කියලා විස්තර කරන්නත් පුළුවන්.  ඇයි මේ open source  අපි හැමදෙනාම ගත්තොත් බොහෝ දුරට පාවිච්චි කරන්නේ windows. ඒත් windows පාවිච්චි කරන්න සල්ලි ගෙවන්න ඕන කියල ඔයගොල්ලො දන්නව ද ? අපි windows install කරන කොට දෙන නම්බර් එක සල්ලි වලට Microsoft එකෙන් ගන්න ඕනෙ නැත්නම් ඒක හොර කොපි යක් නැත්නම් pirate edition එකක් කියලා කියනවා. මකල් ට ආරංචි විදිහට නම් pirate copy පාවිච්චි කරන එකත් පවක් ලු. මොකද ඒකත් කඩේකින් හොරෙන් බඩු ගන්නවා හා සමානයි. ඒත් open source වලට එහෙම නෑ. අපිට open source නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් .  open source පාවිච්චි කරන්න අමාරුද ?     අපෝ නෑ open source සාමාන්‍ය අපි පාවිච්චි කරන විදිහටම පාවි

පෞද්ගලික විශ්ව විද්‍යාල (Private Campus)

මේ දවස් වල හැමෝම කථා කරන දෙයක් ගැන මකල් ටත් මොනව හරි blog එකේ කොටන්න හිතුනා ! මොකද මකලත් අධ්‍යාපනය ලබන්නේ private campus එකක හින්ද . මකලත් පොඩි කාලෙ ඉදල ආණ්ඩුවේ campus එකකට යන්න හීන දැකපු කොල්ලෙක්. ඒ මකලගෙ අක්ක නිසා වෙන්න ඇති. ඒත් පූරුවේ කරුමෙට මකලට ඒ හීනෙ සැබෑ කරගන්න බැරි වුනා :( ඉතින් මකල ගෙ අම්මයි තාත්තයි මකලව දැම්ම private එකකට. ටිකක් විතර වියදම් නම් තමා ඒත් පිටරටකට යන්න මකල ගෙ අම්මලට හයිය නැති හින්ද මේක වියදම් අඩුයි කියලා හිතෙනවා. මමත් මුල්ව දවස් වල හිතාගෙන හිටියේ private campus කියන්නේ කිසිම වැඩක් නැති සල්ලි වලට degree එක දෙන තැනක් කියල. ඒත් වැඩේ තේරුනේ ගියාට පස්සේ නොවෑ. මේක එසේ මෙසේ තැනක් නෙවෙයි හැම දාම  assignment, practical exam කෙලවරක් නෑ. අපිට rag එක වගේ ඒව නැති වුනාට අපි batch වල අය ඔක්කොම එකා වගේ ඉන්නවා. පොඩි පොඩි වලි එහෙමත් යනවා ඒත් ඉතින් ඒව පොඩි වෙලාවකට විතරයි. මේ දවස් වල ගොඩක් අය කෑගහන් නේ මොකට ද කියලා මකල් ට නම් තේරෙන්නෑ. ඔය කෑගහන අය පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් බැලුව නම් තේරෙයි සල්ලි වලට හැම දේම කෙරෙන්නේ නෑ  කියලා. මකල් ට හිතෙන්නේ ඕක ලංකාවේ හැටි කියල සල්ලි දුන්නා

මකල්

මේක මකල් ගේ පලවෙනි post එක. ඒක හින්ද මකල් ගැන මකල් ට post එකක් දාන්න හිතුනා මකල් කියන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ (දන්න සිංහලෙන් කියනවානම් SLIIT ) 2 වන වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්. මකලුත් අනිත් අය වගේ හොදට කාල බීල ඉන්න සාමාන්‍ය මනුස්පයෙක්. තව......................................... ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මකල් ට blog ලෑල්ල කරන්න idea එක දුන්න මකල් ගේ අක්කට ඒ වගේම මකල් ගෙ ලගින්ම ඉන්න අයියට යි. හැම වෙලාවෙම මකල් ලග ඉන්න අම්මටයි තාත්තටයි මකල් එක හිතින් පිං දෙනවා.......!!!! අයෙනම් මකල් ට මුකුත් ලියන්න හිතෙන් නෙ නෑ  ඕන් ඒක හින්දා මකල් නවතිනවා ආයෙත් දවසක ලෑල්ල ගාවට සෙට් වෙමු......................... !!!!!!!!!!!!!