පෞද්ගලික විශ්ව විද්‍යාල (Private Campus)

මේ දවස් වල හැමෝම කථා කරන දෙයක් ගැන මකල් ටත් මොනව හරි blog එකේ කොටන්න හිතුනා ! මොකද මකලත් අධ්‍යාපනය ලබන්නේ private campus එකක හින්ද .

මකලත් පොඩි කාලෙ ඉදල ආණ්ඩුවේ campus එකකට යන්න හීන දැකපු කොල්ලෙක්. ඒ මකලගෙ අක්ක නිසා වෙන්න ඇති. ඒත් පූරුවේ කරුමෙට මකලට ඒ හීනෙ සැබෑ කරගන්න බැරි වුනා :(

ඉතින් මකල ගෙ අම්මයි තාත්තයි මකලව දැම්ම private එකකට. ටිකක් විතර වියදම් නම් තමා ඒත් පිටරටකට යන්න මකල ගෙ අම්මලට හයිය නැති හින්ද මේක වියදම් අඩුයි කියලා හිතෙනවා.

මමත් මුල්ව දවස් වල හිතාගෙන හිටියේ private campus කියන්නේ කිසිම වැඩක් නැති සල්ලි වලට degree එක දෙන තැනක් කියල. ඒත් වැඩේ තේරුනේ ගියාට පස්සේ නොවෑ. මේක එසේ මෙසේ තැනක් නෙවෙයි හැම දාම  assignment, practical exam කෙලවරක් නෑ. අපිට rag එක වගේ ඒව නැති වුනාට අපි batch වල අය ඔක්කොම එකා වගේ ඉන්නවා. පොඩි පොඩි වලි එහෙමත් යනවා ඒත් ඉතින් ඒව පොඩි වෙලාවකට විතරයි.

මේ දවස් වල ගොඩක් අය කෑගහන් නේ මොකට ද කියලා මකල් ට නම් තේරෙන්නෑ. ඔය කෑගහන අය පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් බැලුව නම් තේරෙයි සල්ලි වලට හැම දේම කෙරෙන්නේ නෑ  කියලා.

මකල් ට හිතෙන්නේ ඕක ලංකාවේ හැටි කියල සල්ලි දුන්නාම ඔක්කොම හරි කියලනේ අපෙ කට්ටිය හිතාන ඉන්නේ. මකලා අනිත් private campus ගැන දන්නේ නැතත් ඒවත් මේ තත්වෙම ඇතියි කියලා හිතනවා.

ඒක හින්ද මකල් නම් කියන්නේ ලංකා‍වේ අධ්‍යාපනයට private  campus වලින් වාසියක් මිස අවාසියක් නැහෑයි කියල.

මේ post එකෙන් පස්සේ කට්ටිය මොනව කිව්වත්.............
  දන්නෝ දනිති !

Comments

  1. මකල්ගේ මතය ඒක වගේම වෙනස් මත තියෙන අය ඉන්න නිසා වෙන්න ඇති ඒ අය කෑගහන්නේ :)
    private campus තිබුනත් නැතත් සැම අවස්ථාවක් ලැබීම නම් හොදයි කියලා බූඩි හිතනවා !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source