ආදර අඹරෝරෙදි ඔබ මා මඟ හැර ගියදා

කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර කර මෙදා

ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උනුසුම විඳ විඳ සුවසේ පෙරලී හිඳ මා තුරුලේ
හිනැහුනු තරමට ඔබගේ
ගත මා ලඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

අවරට යන හිරු සඳ වාගෙමද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ

මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ


ගී හඬ  කල්පන නයනමඩු
ගී නද පසන් ලියනගේ
ගී පද කැළුම් ශ්‍රී මාල්

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source