දුරකථන භාවිතා කරන ඔබත් මෙහි බිල්ලක් ද ? Nomophobia

ඇත්තටම මොකද්ද මේ  Nomophobia කියන්නේ ?? ජංගම දුරකථනය නැතිව සිටීමෙන් ඇතිවන භීතිකාව මේ නමින් හදුන්වනවා. මේ පිළිබද පරීක්ෂණ පවත්වපු මහ බ්‍රිතාන්‍ය පරීක්ෂකවරු සොයාගෙන ඇති වාර්ථා අනුව 53% පිරිසක් තමාගේ දුරකථනය නැතිවී යාවි හෝ බැටරි බැස යාම හෝ දුරකථනයේ credit හෝ signal නැති වී යැයි යන සාංකාවෙන් තිතරම පසු වන අතර මේ අතුරින් 58% පිරිමි වන අතර ඉතිරි 48% ගැහැණු වේ. මීට අමතරව 9% ක පිරිසක් තම දුරකථනය ක්‍රියා විරහිත වු විට ආතතියෙන් පෙලේ. පුද්ගලයින් 2163 දෙනෙකු මෙම පරීෂණය සදහා සහභාගී කරගෙන ඇති අතර මෙයින් 55% ක් පෙන්වාදී ඇත්තේ දුරකථනය ක්‍රියා විරහිත වු විට ඔහුන් හා ඔහුන්ගේ යහළුවන් හෝ පවුලේ සාමාජිකයන් අතර සම්බන්දතාව ගිලිහී යාම මෙම භීතිකාවට හේතුවන බවයි. Nomophobia ඇති 2 නෙකුගෙන් එක් අයෙකු කිසිවිටක තම දුරකථනය ක්‍රියා විරහිත නොකරන බව තවදුරටත් මෙම පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. 
    ඇත්තටම කොහොමද මේ නම හැදුනේ කියව එකත් බැලිය යුතුමයි. දුරකථනය නැතිවීම දන්න ඉංගිරිසියෙන් කියනවා නම් NO MOBILE PHONE හා භීතිය PHOBIA  කියන වචන එකතු කරල තමයි මේ භීතිය නම් කරල තියෙන්නේ.  මේ භීතිකාව විවාහ දිනයේ දී ඇතිවන wedding day jitters නම් තත්වයටත් වඩා ඉහලින් තිබෙන බවද පරීක්ෂකයන් ප්‍රකාශ කරනවා. ඉතින් බලන්න ඔබත් මේ භීතිකාවේ බිල්ලක් ද කියා...........



Comments

  1. හයි ටෙක් ගැජට් නිසා මිනිස්සුන්ට හැදෙන රෝග සංඛ්‍යාවත් ඉහල ගිහින්..
    මේ ගැන නම් දැනගෙන හිටියෙ නෑ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source