keypad එකට නිවාඩුවක්

මකල්ට මේ post එක දාන්න හිතුනේ මීට දවස් කීපයකට කලින් මකල් දැකපු article එකක් හින්දයි. අපි එදිනෙදා ජීවිතයේ දී අපේ වැඩ පහසු කරගන්න එක එක ක්‍රම හොයනවානේ අපි internet එකේ මොනවා හරි හොයනවා නම් නිතැතින්ම මතකයට එන්නේ කවුද................? Google.com නිකන් කථාවටත් කියන්නේ ගූගල් කරලා බලන්න කියලනේ. දැන් කාලෙ වෙනස් තාලේ අළුත්. අපි එදිනෙදා භාවිතයට ගන්න ජංගම දුරකථනයත් Google ස්ර්චි කිරීමේ වැඩ වලට අපි භාවිතා කරනවාන්. අපි Google site එකට ගිහින් ඒ තියෙන text box එකේ type කරන එකනේ සාමාන්‍ය විදිහ ! ඉතින් දැන් Google සමාගම මේ ක්‍රමයට අළුත් පිලියමක් හොයාගෙන තියෙනවා. ස්පර්ශ සන්වේදී දුරකථන (සිංහලෙන් කියනවානම් touch phone) භාවිතා කරන අය මුහුණ පාන එක ගැටළුවක් තමයි එම දුරකථන වල keypad එකක් නැති වීම ඉතින් ඒ අය දුරකථන තිරය මත දිස්වෙන keyboard එක භාවිතා කරල තමයි මොනවහරි type කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රමය කරදර හින්දා Google සමාගම Google Hand write හදුන්වා දීල තියෙනවා. hand write භාවිතා කරන එක හරිම ලේසියි කරන්න තියෙන්න් google handwire enable කරලා google කරන්න තියෙන වචනය ඕගොල්ලන්ගේ display එකේ නිමන් අදින එක විතරයි එතකොට google වලින් ඒ රූපය වචන වලට පෙරලලා අදාල වචනය google text box එකේ පෙන්නනවා. ඇත්තටම මේ ක්‍රමය ඉතාම පහසු ක්‍රියාවලියක් මොකද අපිට එහාමෙහා යන ගමන් වුනත් මේ පහසුකම කරදයක් නැතිව භාවිතා කරන්න පුළුවන්. මේ පහසුකම ක්‍රියාත්මක කිරීමට දුරකථනය touch phone එකක් වීම අනිවාර්යයි. ඔබේ දුරකථනයත් එවැනි එකක් නම් කරන්න තියෙන්නේ goolge home page එකට ගිහින් ඒ page එකේ යට තියෙන settings කියන option එක තෝරලා ඒ එන menu එකේ තියෙන handwire කියන facility එක enable කරන එක විතරයි එත කොට ඕගොල්න්ගෙ page එකෙත් මේගේ icon එකක් දිස්වෙයි

                                          තවම beta සංස්කරණයක් වන මෙය දැනට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ android හා apple phone වල විතරක් වීම තරමක් කණගාටු දායක කරුණක් ඒත් google සමාගම මේ පහසුකම ඉදිරියේ දී සියළු touch පහසුකම තිබෙන දුරකථන වලට හදුන්ව දීමට නියමිතයි. පහත දැක්වෙන්නේ google සමාගම ඒ සදහා නිකුත් කරන ලද video සංස්කරණයයි


Comments

  1. ෂඃ! හරිම අපූරු ලිපියක් යාලු!මම මේ ගැන දැනගෙන හිටියෙ නැහැ..
    ස්තුතියි ඔබට :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source