කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

ඔන්න කාලෙකට පසසේ මකල් අයෙත් blog එක පැත්තෙ ආවා. ගිය දවස් වල මකල් ට blog එක පැත්තේ එන්න විදිහක් තිබුනෙ නෑ නොවැ. එත් දැන් මකල් ගෙ අක්කට පිං සිද්ද වෙන්න මකල්ටත් දැන් internet connection එකක් තියෙනවා. මකල් ගෙ අක්කට පිං.  අල ගිය මුල ගිය තැන් ගැන කථා කලා ඇති නොවෑ. මකල් මේ post එක දාන්න හිතුවේ මකල් ගිය මාසේ සිරිපා වන්දනා වේ ගියා නොවෑ ඒ මකල් ගෙ යාළුවො කට්ටිත් එක්ක. කට්ටිය බලන වා ඇති මකල් කොහොමද සිරිපාදෙ ගියේ කියල. මේ අවාරෙ නොවෑ.

ඈතට සිරිපාදේ දිස්වන අයුරු
අවාරෙ සිරිපා යන්න පුලුවන්න ද ? ඔව් පුලුවන් ඒකෙ කිසිම ප්‍රශ්ණයක් නෑ !



අවාරෙ සිරිපා යන අය කිල්ලට / වස් වදිනවා ද ? මොන බොරු ද අපි යන්නේ සුභ චේතනාවෙන් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ අනික බුදුන් වදින්න යන අයට වස් වදින ද !

අවාරෙ සිරිපා යන්නේ කොහොම ද ? අවසර ගන්න ඕනෙද ? එහෙම විශේෂ යක් නෑ අවසර ගන්න කියලා දෙයක් නෑ. හැබැයි සිරිපා වාරේ වගේ පාර දිගට කඩවල් වත් මිනිස්සුවත් කවුරුත් නෑ.

අනික අවාරෙ සිරිපා යනවනම් පරණ පුරුදු නල්ලතන්නි පාරෙන් යන්නේ නැතිව රජ මාවතෙන් හරි එරත්තන පාර(කුරුවිට පාර) මේ පාරවල් දෙකම තියෙන්නේ රත්තපුරෙන්. මකල් සිරිපා නැග්ගේ රජ මාවතෙන්. ඇයි මේකට රජ මාවත කියන්නේ ? මුල්ම කාලේ ඒ කියන්නේ නිශ්ෂංක මල්ල රජතුමා සිරිපා යන්න හදපු පාර තමයි රජ මාවත කියන්නේ. මේ පාරේ යනවනම් මුලින්ම රත්තපුර ට ගිහින් රත්තපුර bus stand එකෙන් සිරිපා ගම එහෙමත් නැත්නම් ශ්‍රී පලා බද්දල කියන බස් එකේ නැගල. බස් එක නතර කරන තැනට යනක්න් යන්න බස් එකෙන් බැස්සම ඕගොල්ලන් ට පෙනෙයි සිරිපාදෙට යන පාරේ හදල තියෙන තොරණ ක් ඒ පාර දිගේ දිගටම ගියපුවාම සිරිපා මළුවට ම යන්න පුලුවන්. හැබැයි ඕගොල්ලො අවාරෙ යනවනම් මග දිගට යන කොට කන්න මොනව මරි අරන් යන්න මතක තියා ගන්න ! මොකද මම ඉස්සෙල්ල කිව්වා වගේ මග දිගට කඩ නෑ නොවෑ.

සිරිපා දේ දි දුටුව සුන්දර දසුනක්
           මේපාර ටිකක් විතර දුර වැඩියි (10 km විතර) හැබැයි බය වෙන්න දෙයක් නෑ මොකද දිගටම ඒ කියන්නේ උඩමළුවට යනකන්ම පඩිපෙල් තියනවා. පඩි 11000 ක් 12000 විතර. අනික තව මගදිගට army camp එකක් කුයි අම්බලන් කීපයකුයි තියෙනවා. අනික හැරමිටි පහන ගාව තියෙන අම්බලමේ හැමදාම ඒ පැත්ත මුර කරන්න ඉන්න අංකල් ල දෙන්නෙකුත් ඉන්න වා. එතෙන්ඩ ගිහින් තේ එකක් හදාගෙන බොන්න එහෙමත් පුළුවන්. මකල් ලා යන කොට ගොඩක් රූ වුන හින්ද මකල්ල රූට කෑම හදන් කෑවෙත් එතනින්. එතන හිටපු රිචඩ් අංකල්ට ගොඩක් පිං.
                                                         හැරමිටි පහන ලග ඉදලා උඩමළුවට තියෙන්නේ ටික දුරයි. එතෙන්ඩම තමයි කුරුවිට පාර එහෙමත් නැත්නම් එරත්න පාර එකට එකතු වෙන්නේ.  උඩමළුවට ගියාම සිරිපා වාරෙ වගේ සිරිපතුල නම් දකින්න පුළුවන් කමක් නෑ ඒත් ඉරසේවය මළුවේ ඇවිදින්න වගේ දේවල් කිසිම තදබදයක් නැතිව කරන්න පුළුවන්. අවාරෙ යනවනම් මළුවේ රූ නතරවෙන්න විශාම ශාලාවක් එහෙමත් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් සිරිපා යන්න හිතන් ඉන්නවානම් කිසිම බයක් නැතිව යන්න. ඒවගේම මතක තියා ගන්න පොලිත්න් එහෙම අරන් යනවනම් ඒවා ආයෙන් අරන් එන්න මතක තියා ගන්න. ඉතින් එහෙනම් ආයෙත් ලෑල්ල ගාවදි හම්බවෙමු..


පලි
මේ ගමනට මකල්ලට උදවු කල චමින්ද අයියටත්, පියරනත හාමුදුරුවන්ටත්, අපේ batch එකේ සිරී හා ඒයාගේ අම්මිට හා තාත්තිට ගොඩක් පිං...........

Comments

  1. " උඩමළුවට ගියාම සිරිපා වාරෙ වගේ සිරිපතුල නම් දකින්න පුළුවන් කමක් නෑ"

    ඒ මොකෝ??

    ReplyDelete
    Replies
    1. අවාරෙට සිරිපතුල පිහිටලා තියෙන ස්ථානය වහනව මං දන්න විදියට. ඊට පස්සේ ආයෙම වාරේ පටන් ගද්දි තමා අරින්නේ...

      Delete
    2. ඒක ඇත්ත සිරිපා වාරේ ඉවර වුනාම සිරි පතුල ස්ථානය වහනවා ආයෙ අරින්නේ ඊලග සිරිපා වාරයට

      Delete
  2. තව විස්තර ටිකක් ලියන්න මකල්... බස් ගැන, තියෙන වෙලාවල් ගැන... ගෙනියන්න ඕනේ කෑම බීම ගැන එහෙම. මමත් යන්න හිතාගෙන හිටියා 2008දී... වැඩේ හරිගියේ නෑ අනිත් යාළුවා අසනීප වුන නිසා. බලමු ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. බස් යන වේලාව නම් හරියටම කියන්න බෑ දන්නේ නැද්ද ලංකාවේ බස් නොවෑ. කෑම බීම ගැන කිව්වොත් පුලුවන් තරම් සැහැල්ලු ආහාර (බිස්කටි ) වගේ ඒව තමා හොද ඊට අමතර ව ලුණු ටිකක් (මස් පිඩු පෙරෙලෙන අයට), වතුර නම් එතරම්ම ප්‍රශ්ණයක් නෑ මොකද මග දිගට වතුර තියෙන තැන් හමිබ වෙනවා ඒත් යන අය හැමෝම ලග වතුර බෝතලයක් ගෙනියන එක ඇගට ගුණයි !

      Delete
  3. ලස්සන පින්තූරු ටිකක්..

    මමත් කවදාවක් වාරෙට සිරිපා කරුණා කරලා නෑ අවාරෙ මිසක්..කැම්පස් යාළුවො එක්ක අවාරෙ ගිහින් කුණු ටොන් එකක් විතර එකතු කරගෙන පල්ලෙහාට ආවා මතකයි..

    ReplyDelete
    Replies
    1. මම වාරේවත් අවාරේවත් ගොස් නැත

      Delete
    2. මකලුත් සිරිපා ඉස්සෙලාම ගියේ මේපාර තමා. හිත හිත ඉන්න එපා යන්න

      Delete
  4. shaaaaaa niyamaine math asai mehema yanna.

    ReplyDelete
  5. අපි නම් වතාවක් ගිහින් උදේ සිරිපතුල වැන්ද. උඩමයි හිටියෙ. උඩ වෙනම කට්ටිය නැවතිලා ඉන්න, කුස්සියකුත් තියන තැනක් තියනව. හැබැයි උපරිම සීතලයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දළදා හාමුදුරුවනේ

මකල් හා open source