ඔබේ තීරණ වැදගත් තීරණයක් කිරීමට වග බලා ගන්න

මේ දවස් වල ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ රටේ මීලග වසර 7බාර දෙන්නේ කාටද කියන එක. මකල්ට හිතෙන විදිහට මෙි සැරේ නමි මොකක් හරි සන්තෑසියක් වෙනවා කියලමයි. මෙි පෝස්ටි එක කොටන්න හිතුනේ ඒක නිසාමයි. අපි ඡන්දෙ දෙන්නේ් වාසියටයි කියලනේ අද මතය. අපි කොහොමද වාසියට ඡන්දෙ දෙන්නේ් ?
අපි මෙි වෙනකන් ඡන්දෙ දුන්නේ් රැල්ලට එහෙමත් නැත්තමි කවුරැ හරි කියපු නිසා එහෙමත් නැත්තමි පරමිපරාවෙන් ආපු සිරිතට. මෙහෙම වෙන්න ඇත්තේ අපි ඉස්සර කාලෙ රජ කෙනෙකුගේ පාලනය යටතේ හිටිය නිසා වෙන්න ඇති. ඒත් දැන් කාලෙ වෙනස්. අපි ඡන්දෙ දෙන්න ඔිනේ වගකීමක් ඇතිව. කොහොමද වගකීමක් අැතිව ඡන්දෙ දෙන්නේ !!
මම නම් කියන්නේ් සියලු අපේක්ෂකයන් මහජනයා ඉදිරියේ ප්‍රසිද්ධ විවාද වලට සහබාගි වෙන්න ඕනෙ කියලයි. මේවල ප්‍රරශ්ණ අහන්න දැනුම් තේරැම් ඇති රටම පිලිගත් අපක්ෂපාතී පුදගලයකු තෝරාගතයුතුයි. මේ විවාද ප්‍රරදාන නාලිකාවක සජීවීව විකාෂය කරන්නත් ඕනේ. ඊටපස්සේ බලන්න පුලුවන් කවුද රටට වැඩක් කරන්න පුලුවන් කාටද හොදට සුරංගනා කථා කියන්න පුලුවන් කියලා. ඊට පස්සේ තීරණය ජනතාවට බාරයි. ජනතාව බුද්ධිමත්ව සියලු ප්‍රරකාෂ වු කරැණු විමසා බලා තමාගේ මතය තීරණය කරන්න ඕනේ. අඩුම තරමේ මේ ඡන්දය දෙන්න යන පුද්ගලයගේ ඉදිරි දැක්ම ප්‍රරතිපත්ති මාලාව වත් කියවන්න ඕනේ. අනිත් කාරණය තමා ඡන්දය ඉල්ලන අපේ්ක්ෂකයා අඩුම තරමේ උපාධිදාරියකුවත් විය යුතුයි. 8 වත් පාස් නැති නූගත් පුද්ගලයකුට බලය දුන්නාම වෙන දේ කියන්නවත් බැරි තරමේ බරපතල තත්වයක්. අපි ඡන්දෙ දෙන්නේ් අපිව නියෝජනය කරන්න  පුලුවන් හැකියාවක් ඇති කෙනෙකුට ඒක නිසා ඡන්දෙ දෙන්න කලින් හොදට හිතල බලන්න මෙන්න මේකයි මකල්ට කියන්න ඕනේ

Ps
Post එකේ පද ගැලපීම් අකුරැ වැරදි එහෙම සෑහෙන්න ඇති ඒකට සමාව භාජනය කොරන්න ඕනේ් ඕන්,

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source