MY NAME IS MAKAL AND I AM NOT A TERRORIST

යුද්දෙ ඉවර වෙලා අවුරුදු 4 ලු. මාරයි අවුරුදු 4 ක් ගිහින්. මේ දවස් වල මේ ගැන ආයෙත් උත්සව තියෙනවලු රට පුරා. අපේ රටේ මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සති 2යි ලු ඒක නිසා වෙන්න ඇති ආණ්ඩුවේ මැති ඇමති ගොල්ලො සති 2න් 2කට මේ ගැන මතක් කරල අවුරුද්කට සැරයක් මේ ගැන ලොකුවට උත්සව තියන්නේ. උත්සව තිබ්බට කමක් නෑ ඒත් මේ වගේ පිස්සු වැඩ වලට නාස්ති කරන්නේ මහජන මුදලුයි කාලයයි කියල කාටවත් ඇයි තේරෙන්නේ නැත්නේ ඒ තරමටම අපේ මිනිස්සු අන්ධ වෙලාද ? මකල්ට මේ මුකුත් තේරෙන්නේ නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් තමයි. ඒ මනුස්සයා මරපු දවස සමරන්න තරම් අපි තිරිසන් වෙලා ද ? අපි සිංහල බොදු රටක් නේ ද ? මිනිහෙක් මරල අවුරුදු පතා ජොලි කරන එක අපේ ආගමට එකගද ? . කෝ මේ ගැන ඇයි බොදු බල සේනා නැගිටින්නේ නැත්තේ ?

දුටුගැමුණු රජතුමා එළාරව මරපු තැන චෛත්‍යක් හැදුවලු. මම හිතන්නේ නෑ දුටුගැමුණු රජතුමත් විජයග්‍රහණයේ සැමරුම අවුරුදු පතා කරා කියලා. පොඩ්ඩක් හිතල බලන්න මේ ගැන මේ වගේ පුහු දේවල් කරන්න තරම් අපි නිවට උනේ ඇයි කියලා. 

දැන් මේ උත්සවේ දැකල ඇමරිකන් කාරයොත් සමරන්න පටන් ගනියි ද දන්නේ නෑ. මේ දවසේ මේ විකාර කරන්නේ නැතිව දානයක් දීල ඒ ආගමික වතාවත් කරා නම් අඩුම තරමේ අර යුද්දෙන් මැරුණු මිනිස්සුන්ට පිං හරි හම්බවෙයි. 

දැන් අවුරුදු 4ක්ම ආණුඩුව යුද්දෙ විකිණුවා තව ඉස්සරහටත් විකුණයි. අපිත් මොඩය වගේ කටයි පු** ඇරගෙන ඒ දිහා බලන් ඉදියි.  දැන් මේ post එක දකින අය කියයි මකල් සන්ධාන විරෝධී දේශ ද්‍රෝහියෙක් කියලා. මකල්ට කිසිම පක්ෂ යක් පාටක් නෑ. මකල් ස්වාධීන ඡන්ද දායකයෙක්. ඒකයි ඡන්දෙ දෙන එකෙන් වැලකී සිටින්නේ. කොහෙමින් කොහොම හරි අපි මේ තරම් පහත් තත්වෙට වැටුණ එක ගැන අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕනේ. 

මේ ගැන අපි අපෙන්ම අහල බලන්න 

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source