දැන් වත් නැගිටිමු ද ?




කාලෙකට පස්සේ post එකක් දාන්නේ මේ ගැන කව්රුත්ම කථා නොවෙන නිසයි. මොකක් ගැන ද මේ මකල් කියන්නේ ? අද රට තමා ඕන මාතෘකාව

දැන් බලන්න ලයිට් බිල බඩු බිල අහස උසට නැගලා. සාමාන්‍ය මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි වෙන විදිහටම ජීවන වියදම ඉහල ගිහින් ඒත් මේ ගැන කථා කරන්න කව්රුවත් නෑ. මොකද අපි ලෝකෙ දකින්නෙ පාට පාට කණ්නාඩි වලින් නේ. මකලුත් ඔය කණ්නාඩි වලින් ලෝකය දැකපු කාලයක් තිබ්බා ඒත් තව දුරටත් එහෙම නෑ.

ලංකාව දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ඉස්සර වගේ සාමකාමී පරිසරයක් දැන් ලංකාවේ නෑ. යුද්දෙ තිබ්බත් අපේ මිනිස්සු බයක් හැකක් නැතිය යුද්දෙ තිබුණු නැති පැතිවලට ගියා. ඒත් දැන් ලංකාවෙ කොහෙට ගියත් මෙනව වෙයි ද කියල උඩ ඉන්න දෙයියන්ටත් කියන්න බෑ. මේ දවස් වල වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ මොනවද ස්ත්‍රී දූෂණ, මුදල් කොල්ල කෑම් මේ වගේ දේවල්. ඉස්සරට වඩා දැන් මේව වැඩි වෙලා කියලයි මකල්ට හිතෙන්නේ. මකල් හිතන්නේ දැන් මිනිස්සු ඉන්නේ අසහනයෙන් තෙරපි තෙරපි. මේවට වග කියන්න ඕනෙ රටේ ලවතින ආණ්ඩුව (දැන් ඉතින් කියයි මකලුත් මහරජ විරෝධී අධිරජ්‍යවාදී කුමණ්ත්‍රණ කාරයෙක් කියලා, කව්රු කොහෙම හිතුවත් කමක් නෑ)  පවතින ආණ්ඩුව පිස්සු කෙලින කොට මහජනතාව පිස්සු කෙලින එක අහන්න දෙයක් නෙවෙයි නේ. ආණුඩුවට තරපු හොද වැඩත් නැතිවම නොවෙයි. යුද්දෙ ඉවර කරපු එක රට වටා පාරවල් හදන එක මේ වගේ දේවල් හොද වැඩ. ඒත් ආණ්ඩුව තව තව ණය අරගෙන විකාර කරන එක තමා ඉවසන්න බැරි. දැන් හම්බන්තොට හැමදේම හැදුවා. ඒකට කමක් නෑ තමන් උපන් ගමට වැඩක් කරන්න එපැයි. ඒත් තේරුමක් ඇති වැඩක් කරන්න ඕනෙ කියලයි මකල් හිතන්නේ. දැන් ලංකාවෙන් සෑහෙන ගාණාක් වියදම් කරලා ඡන්ද්‍රිකාවක් යැව්වා වැඩක් තිවෙනවද ? මොකද මීට කලින් අපි ඡන්ද්‍රිකා සහය වෙන රට වලින් අරන් නැද්ද. ලංකාවට තවත් ගුවන් තොටුපලක් අවශ්‍යද ? හම් අවශ්‍යයි කියමුකෝ ඒත් ඒක විවෘත කරන්න කලින් කරපු විහිලු අවශ්‍ය නෑ නේ ද ? දැන් ලංකාවට කිසිම සංචාරකයෙකුට එන්න පුලුවන් තත්වයක් නෑ. මොකද ලංකාවෙ තිබ්බ ලස්සන තැන් දැන් එන්න එන්න විනාශ වෙනවා.
දැන් රටේ නීතිය කියල එකක් නෑ. නීතිය එක එක මට්ටම් අනුව වෙනස් වෙනවා. මේක කියන කොට මතක් වෙනව කථාවක් එක සැරයක් ඇමරිකන් ජනාධිලති කෙනෙක් ගෙ දුවකට (මට මකන හැටියට ක්ලින්ටන් මහත්තයාගෙ දුව) වාහනය වේගයෙන් පැදවීමේ වරදට දඩයක් නියම කරල තියෙනවා. ලංකාවෙ එහෙම උනොත් කොහොද තියෙයි ද , ලංකාවෙ ජනාධිපතිගෙ නෙවෙයි ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙකුගෙ දරුවෙකුටවත් දඩ ගහන්න බෑ නොවෑ. නීතිය ගැන කථා කරල වැඩක් නෑ

මේවගේ තව ඕනෙ තරම් විහිලුතියෙනවා කියනවනම්. ඒත් ඒව ගැන කියල වැඩක් නෑ. අපි මේකට මොකද කරන්න ඕනෙ කියල හිතල බලමු. මේ සේරටම වග කියන්න ඕනෙ අපි මොකද අපිනේ මේ ගොල්ලට ඔය වරම දුන්නේ. ඒත් අපි ඔය වරද දෙන්න කලින් ඒ ගොල්ලන් ගෙ ප්‍රතිපත්ති ගැන කියවල බැලුවද . නෑ නේ ද දෙන නිසා ඡන්දෙ දෙන අය ලංකාවේ වැඩියි. බලන්න වෙ රටවල් දිහා ජනාධිපතිවරණයකට කලින් ඒ අපේක්ෂකයන් ගෙන්නල ජනතා විවාද තියනවා. දැන් ලංකාවෙ තිවෙන රැස්වීම් වල මොකද කරන්නේ අරය මොට බනිනවා.මෙයා අරයට බනිනවා . මම තමා ලොක්ක කියනවා සිංදුවක් දෙකක් කියනවා. කට්ටියම නැගිටලා යනවා. මේව බලන්න යන අපිවයි එල්ලන්න ඕනෙ. අපි වගකීමකින් ඡන්දය දුන්නොත් ඡන්දය ඉල්ලන අයත් වගකීමකින් වැඩකරයි. මේක දවකින් දෙකකින් කරන්න බෑ ඒත් කරන්න උත්සහ කෙරොත් බැරිවෙන එකකුත් නෑ. ඉගෙනීමක් නැති මොලයක් කියල දෙයක් නැති එකෙකුට බලය දුන්නහම උන් පිස්සු නටනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ.  අපිත් ඒවට බැන බැන ඊට පස්සෙ එක ඡන්දෙත් උටම කතිරෙ ගහනවා. අපි නැගිටිනවනම් නැගිටින්න ඕනෙ තනිවම මහජනතාව ලෙස එක එක පක්ෂ පාට වලින් නැගිටල වැඩක් නෑ. ඒක නිසා වගකීමෙන් වැඩ කරන්න දැන් වත් නැගිටිමු ද ?



ප.ලි
වචන භාවිතය හා වාඛ්‍ය ගැලපීම 0 ක් බව දන්නවා මොකද මේ post එක දැම්මේ හිතේ අමාරුවටයි.

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source