Dream Come True



වෙලාව 2.30 ට විතර ඇති. කොමන් එක ගාවින් එන කොට කටිට්ය ගෙඩයි. මොකද වෙන්නේ කියල බලන්ත් එක්ක මකලුත් ඔලුව දාලා බැලුව. අප්පට සිරි අපේ උන් ඔක්කෝම පෝලින් ගැහිල. මොකද්ද සිද්දිය කියල බලන්නත් එක්ක මකලුත් ගියා කොමන් එක ඇතුලට. එතකොටම කොහෙන්දෝ ආපු අයිය කෙනෙක් අහපි “මල්ලිත් ..‍සෙට් වෙනව ද කට්ටියත් නෑ කියල “. මකලුත් ඔන්න ඔව් කියපු ගමන් අර අයියා කිව්වා අන්න අතනට ගිහින් බර බලල ඤ ‍ෆෝම් එකක් ඉල්ල ගන්න කියලා. ඔන්න ඉතින් මකලුත් ගියා බර  කිරන්න කියලා. තරාදිය උඩ හිට ගත්ත විතරයි කට්ට ගිහින් නතර උනේ 75 උඩ. මකලුත් ඒ තරම් බරයි කියලා මකල්වත් දැන ගෙන හිටියේ නෑ :) . එතන හිටපු අන්කල් කෙනෙක් බර 75 යි කියල ෆෝම් එකේ ලියලා දුන්න මේක පුරවන් එන්න කියලා.
  ෆෝම් එක වීරයා වගේ ගත්තට මකලුත් දැන් නම් ටික ටික වෙව්ලනවා කියලා මකල්ට තේරෙනවා. ඔන්න ඔය අස්සෙම සුළු දිය අඩස්සියකුත් හැදිල. ෆෝම් එක යාළුවෙකුට දීලා මකලුත් ගියා එහා පැත්තෙ තියෙන wash room  එකට...........................................................................................................................................................
ගිහින් ඇවිල්ලා ඉල්ල ගත්තා ෆෝම් එක දැන් ඒක පුරවන්න පටන් ගන්න පෑනක් හොයන්න එපැයි. මොකද මකල් ලෙක්චර්ස් වලට පෑනක් ගේන එකක් ඇයි. වට පිට බල බල ඉන්න කොට එතන හිටපු අපේ සීනියර් අයියකෙනෙක් ගාව තිබ්බ පෑනක් ඉල්ල ගත්තා. ටිකෙන් ටික ෆෝම් එක පුරවන්න පටන් ගත්තා. මගෙ අම්මේ මේකෙ අහල තියෙන ප්‍රශ්ණ කන්දරාව මෙහෙම ප්‍රශ්ණ A/L වලටවත් ඇවිත් නැතිව ඇති මකල්ට හිතුනා. ඔන්න ෆෝම් එකත් පුරවලා මකලුත් ගියා අර පෝලිමට. දැන් නම් එන්න එන්නම බය වැඩි වෙනවා. ඒ අස්සේ මකල්ගේ කකුල් 2කත් මැන්ඩලින් ගහනවා. මකලුත් සෙට් වෙලා තිබුනේ පෝලිමේ මුලටම. අර කලින් හම්බ වෙච්ච අයිය ඇවිත් කියපි “මල්ලි අන්න අතෙන්ඩ ගිහින් අර Doctor ව හම්බ වෙන්න කියලා “ මකලුත් ඇදි ඇදි ගියා doctor  ව හම්බ වෙන්න. ගිහින් ඉද ගන්තයින් පස්සේ. Doctor මොනදදෝ මොනවාදෝ අහුව වගේ මතකයි මකලුත් උත්තර දුන්න මතකයි. ඊට පසසේ doctor  කිව්ව ආං අතෙන්ඩ යන්න කියලා. මකලුත් එතෙන්ඩ ගිහින් ඉද ගන්තයින් පසසේ මකල්ගෙන් අත අර ගත්ත ඒ අන්කල් මොකද්දෝ කට්ටත් අතට ඇන්න. බුදු අම්මෝ මෙන්න මිනී මරනවෝ මකල් ගේ පපුව කෑ ගහනවා. ඇගිල්ල දිගට දැන් ලේ බහිනවා. කොහෙදෝ තිබ්බ පුලුන් කෑල්ලක් දුන්න ඒ අංකල්. අහපි මේ පලවෙන් වතාවද කියලා. මකලුත් තරහින්ම වගේ ඔව් කියපි.
     එතනම හියපු තවත් අයියා කෙනෙක් අතේ තිබ්බ ෆෝම් එක ඉල්ල ගත්තා ඊට පසසේ මොනද දෝ කොළ වගයක් පුරවලා අතට අමුතුම බෑග් එකක් ඒකත් අරන් මකල් යනකොට අර කලින් හම්බ වෙච්ච අයියා ඇවිත් ආ මල්ලි දැන් හරි නේ අන්න අර පුටු වලට ගිහින් වාඩි වෙලා ඉදපන් මම ඉක්මනට තැනක් සෙට් කරලා දෙන්නම්. මකල් දැන් නම් හොදටම බය වෙලා ඉන්නේ. ඒ අස්සේ පපුව නිකන් ගැහෙනවා චයිනීස් ෆෝන් එකක් වගේ. එතන ඉදන් ඉන්න කොට ඔන්න එතන හිටපු මල්ලී කෙනෙක් කෑ ගහපි මට ටිකක් අමාරුයි කලන්තෙ හැදෙන්න වගේ කියලා. මේක දැක්ක මකල්ට ත් දැන් කලන්තෙ වගේ. ඔහොම ඉන්න කොට අර අයියා කිව්වා මල්ලී ආං අතෙන්ඩ යන්න එතන free කියලා. මකලුත් එතෙන්ඩ ගිය ඉන් පස්සේ එතන හිටපු අයියා අතේ තිබ්බ බෑග් එක ඉල්ල ගත්තා. මල්ලී මෙතන හාන්සි වෙන්න කියලා එතන තිබ්බ ඇද පෙන්නුවා. මකලුත් බයෙන් බයෙන් හාන්සි වෙලා ඉන්න කොට ඒ අයියත් අහනවා මල්ලී මේ පළවෙනි වතාවද කියලා. මකලුත් ඔලුව හොල්ලලා ඔව් කියලා කිව්වා. ඊට පස්සේ මකල්ගේ අතට ටිකක් උඩින් අර පෙෂර් බලන මැෂින් එකේ පටිය බැදලා අත හොදට හිර කරා. ඊට පස්සේ නර්ස් කෙනෙක් ඇවිත් දිග කට්ටක් මකල්ගේ වැල මිට ගාවින් ඇතුගට දැම්මා. ඊට පසසේ බෝලක් දුන්නා මෙන්න මේක මිරිකන්න කියලා.

දැන් කට්ටියම බලනවා ඇතිනේ ද මේ මොකද්ද කිටලා. මකල් ඔච්චර වෙලා කිව්වේ මකල් පලවෙනි වතාවට ලේ දුන්න හැටි. මකල් අවුරුදු ගානක් බලන් හිටියා ලේ දෙන්න ඒත් බැරි උනා. මේක නිකන් මකල්ගේ සිහිවයක් සැබෑ උනා වගේ. දැන් ආපහු මොකද උනේ කියලා බලමු.

මකල් බෝලෙ මිරිකන ගමන් අහපි “අයියා ලේ එනවද ?“ කියලා. (මෙන මෝඩ කථාවක් ද ඒ කියලා මකල්ට තේරෙන කොට පහුවෙලා ඉවරයි). මගෙ දිහා නෝන්ඩි විදිහට බලලා ඒ අයියා කියපි ඔව් මල්ලි ප්‍රශ්ණයක් නෑ කියලා. ඊට පස්සේ මකල් තවත් ගෙන් ප්‍රශ්ණයක් ඇහුවා. “අයියා ලේ පයින්ට් 1ට වඩා ගන්නව ද ?“ “නෑ මල්ලී“ “ඒත් හදිස්සියක් ම උනොත්“  මකල් ආයෙත් ඇහුවා. “ඒත් නෑ මල්ලී“ අර අයියා හිනා වෙන ගමන් කිව්වා. මකල්ට හිතුනා දැන් නම් ගොන් ප්‍රශ්ණ ඇහුව ඇති කියලා. ටික වෙලාවකට පස්සේ කට්ට ගලවලා අර අයියා කිව්වා දැන් හරි මල්ලී අන්න අතෙනිඩ ගිහින් ඉදන් ඉන්න කියලා. මකලුත් එතෙන්ඩ ගිහින් ඉද ගත්තන් පස්සේ කිරි පැකට් එකකුයි. කන්න මොනවදෝයි පෑනකුයි හම්බ උනා.

ඔන්න ඔහොමයි මකල් ලේ දුන්නේ කියවපු සැමට ස්තූතියි.

කථාවේ අඩු පාඩු තියෙනවානම් සමා වෙන්න ඔනේ ..............!!!!

Comments

  1. අයියෝ මකල් කතාවෙ ටිකක් මගෑරිලා වගේ..

    //ටික වෙලාවකට පස්සේ කට්ට ගලවලා අර අයියා කිව්වා දැන් හරි මල්ලී අන්න අතෙන්ඩ ගිහින් ඉදන් ඉන්න කියලා.මමත් ලෝකෙට සේවයක් කරපු වීරයෙක් වගේ නැගිටලා යන්න ලෑස්තිවුනා. අඩි දෙක තුනක් ගිහාම මට තේරුනා ලේ දෙන්න ආපු කට්ටිය ගොඩක් වැඩි වෙලා කියලා. ලේ දෙන්න බලාගෙන ඉන්න පෝලිම් දෙකයි. ඒ මදිවට මකල්ට හිතාගන්නත් බැරිවුනා ළඟ තිබුන ඇඳ පුටු මේස දෙකෙන් වැඩි වෙලා පේන්නෙ ඇයි කියලා.

    කොහොම වුනත් තව අඩියක් යන්න කලින් මකල්ගෙ හොඳම යාළුවෙක් ඇවිත් මකල් අල්ල නොගන්න මකල් බිම ඇද වැටිලා දණ්ඩ නමස්කාරය කරලා ගොඩක් වෙලා. ආපහු හිටපු ඇඳේම මාව හාන්සි කරලා තිබුනා කියලා තේරුනේ පැය බාගෙකට පස්සෙ ඇහැරිලා බලනකොට.

    කොහොම වුනත් පව් කියලද කොහෙද සංවිධානය කරපු කට්ටිය මකල්ට කිරි පැකට් දෙකක්ම දුන්නා කන්න මොනවදෝ එක්ක..//

    ඔන්න ඔහොමලු වුනා කියන්නෙ..

    ReplyDelete
  2. එහෙම කියන්න එහෙම දෙයක් වුනේ නෑ නෙ අක්කියෝ :)

    ReplyDelete
  3. නියමයි නියමයි.ජය! :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source