හෝ ගාන පොකුණ




මේ පෝස්ට් එක කෙටන්න හිතුනෙ මකල් ගිය සතියෙ මකල් ගෙ යාළුවොත් එක්ක හෝ ගාන පොකුණට ගිය නිසා වෙන්න ඇති. හෝ ගාන පොකුණ මොකද්ද කියලා ඔයගොල්ලො දන්නවා ඇති නේ. මකල් පොඩි කාලේ හරිම ආසයි හෝ ගාන පොකුණේ නාන්න ඒත් මොනව කරන්නද හෝ ගාන පොකුණ මකල් ඉන්න පැත්තට ගොඩාක් දුරයි නොවෑ. පොඩි කාලෙ ඉදල මකල් ගෙ හිතේ තිබුන ආසාවක් තමයි මේ පොකුණ ගාව රැ යක් ගත කරන එක. ඒ ආසාවත් ගිය සතියෙ මකල් ගෙ යාළුවන්ට පිං සිද්ද වෙන්න සැබෑ වුනා. ඇත්තටම හෝ ගාන පොකුණ කියන්නේ හරිම පුදුමාකාර තැනක් දුක , සතුට ගෙවා ගන්න තියෙන අරුම පුදුම තැනක්. මකල් එදා දවසෙම කලේ හෝ ගාන පොකුණට කකුල් 2 ක දාගෙන පරක් තෙරක් නොපෙනන තරු පිරිණු අහස දිහා බලන් හිටපු එකයි. එහෙම බලන් ඉන්න කොට මකල්ට හිතුන දෙයක් තමයි මේ පොකුණ සමහර වෙලාවට කොච්චර දරුණු වුනත් පුංචි ලමයෙක් වගේ මෙයා ආයෙත් කිසිම දෙයක් නොවුන ගානට ඉන්න එක කොච්චර පුදුම දෙයක් ද කියන එක. එදා දවසම මකල් ට හිතුනේ ඔය වගේ දේවල්  හින්ද මකල් ගෙ යාළුවො කිව්වෙ මකල් ගෙ මොලෙත් පොකුණ ගාව ඉදල ලුණු වලින් පෙගිල කියල යි. මකල් එක්ක මේ ගමන ගිය මකල් ගෙ යාළුවො තමයි සයිකා, සුජ්ජා, මෙන්ඩියා , ගජ්ජා , සජ්ජා , බිජ්ජා , ගලයා , නිප්පා , ෂැගියා , අරා , ලයියා , පත්තරයා ,  etc  කට්ටියටම එදා දවස අමතක නොවන කාලාන්තරයක් යනකන් කථා කරන්න හේතු හදපු අමතක නොවන දවසක් වුන බව නම් සහතිකයි . ඉතින් තවත් දවසක ලෑල්ල ගාවට සෙට් වෙමු .

පලි
හෝ ගාන පොකුණ කියන් නේ මුහුදට හැමෝම දන්න වා ඇති කියලා මකල් හිතනවා
ඒ වගේම මකල් ගෙ යළුවන් ඔක්කොම අයගෙ නම් දැන්මේ නැත්ත ඒ ගොල්ලන් ගේ පුද්ගලිකත්ව ය ආරක්ෂා කරනු වස් මිස තරහට නම් නොවේ ඕන් :)

Comments

  1. //වෙලාවට කොච්චර දරුණු වුනත් පුංචි ලමයෙක් වගේ මෙයා ආයෙත් කිසිම දෙයක් නොවුන ගානට ඉන්න එක කොච්චර පුදුම දෙයක් ද කියන එක. //

    මේක නම් මටත් ගොඩක් වෙලාවට හිතිලා තියනවා..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source