බොරු කියන්නේ බලා ගෙනයි.




අපි එදිනෙදා ජීවිතයේ දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කොච්චර බොරු කියනවා ඇත්ද ? ඒත් අපි කොයි වෙලාවක වත් දැන ගෙන ඉදල තියෙනවා ද අපි කියන බොරු අපේ මුහුණෙන් පෙන්නනවා කියලා.....
මේ ක්‍රියාවලිය Micro Expression කියලා හදුන් වනවා එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර අභිනය කියලා හදුන්වන්නත් පුලුවන්.  අපි මුහුණ දෙන හැගීම් හෝ තත්ව යටතේ මුහුණේ ඊබේ ඇතිවන ක්ෂණික ඉරියවු වෙනස් වීම ක්ෂුද්‍ර අභිනයක් ලෙස හදුන්වන්න පුලුවන්.ක්ෂුද්‍ර අභින ඇති වීමට මුහුණේ ඇති මාංශ පේශි උපකාරවේ. මෙම ඉරියව් වෙනස් වීම සාමාන්‍යෙයන් ඇතිවන ඉරියව් වෙනස් වීම සේ සගවා තබා ගත නොහැක. ක්ෂුද්‍ර අභින 7 ක් ප්‍රධාන වශයෙන් හදුනාගත හැක ඒවා නම් ,
  1. තරහව
  2. බිය
  3. දුක
  4. සතුට
  5. පුදුමය
  6. නින්දාව /  අවමන / හෑල්ලුව
  7. කළකිරීම / පිලිකුල් බව

මෙම අභින සියල්ලම සියළුම සතුන් හා මිනිසුන්ට පොදු වන අතර ඔහුන්ගේ රූප ස්වභාවය , ජාතිය ,..... මත මෙය වෙනස් නොවේ. මෙම අභින ඉතා ඉක්මන්න් ඇති වන අතර එම කාලය 1/25 – 1/15 තත්පර සේ ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙම අභින නීරීක්ෂණය කිරීමට අවශ්‍යනම් වඩාත් උනන්දුවෙන් එය කිරිය යුතුය.
මෙම අභිනයන් වැරදි කරුවන් හදුනා ගැනීමේ නවතම ක්‍රමය සේ හදුන්වනවා. මන්ද යත් ක්ෂුද්‍ර අභීනයන් පහල වීම මටත් ඔබටත් පාලනය කල නොහැක. ජන්ම පුරුද්දෙන් මෙම අභින හදුනාගත හැකි අය සිටින්නේ ඉතා අල්ප වශයෙනි. ඉන් බොහෝ පිරිසක් තමාට එවැනි හැකියාවක් ඇතැයි කියා හරියාකාරව නොදනී.
ඔබ සහජයෙන්ම ක්ෂුද්‍ර අභින හදුනාගන්නෙක් ද ?
එසේනම් ඔබට ,
  1. හැම විටම බොරුව හදුනාගත හැක
  2. නාදුනන පුද්ගලයන් හොදින් හදුනාගත හැක
  3. කෙනෙකු සිතන දෙය කිව හැකිය
  4. කිසිවකුත් විශ්වාස නොකරන අතර එයට සාධරණ හේතුවක් භඉදිරිපත් කිරීමට අපොහොසත් වේ.

මෙවැනි ලක්ෂණ ඔබටත් ඇත්නම් ඔබට ජන්ම පුරුද්දෙන් ම ක්ෂුද්‍ර අභින හදුනාගත හැකිය. නමුත් ඔබ කැමති නම් මෙය ගැන ඉගෙනීමෙන් ඔබටත් එම හැකියාව වර්ධනය කර ගත හැක.
පහත දැක්වෙන්නේ ක්ෂුද්‍ර අභින හදුනා ගත හැකි ආකාර කිහිපයකි ,


1.       සතුට
යමෙකු ගේ දෙතෙල් එසවී කම්මුල් ඉහලට එසවෙන විට එය සිනහව අපි හදුන් වනවා ඒත් එම හිනහාව ඇත්තටම කියා හදුනාගන්නේ කෙසේද ?
යමෙකු ඇත්තටම සිනහ වන්නේ නම් ඔහුගේ /ඇයගේ ඇස් කෙලවර හා  ඇස් යට ඇති සම ක්ෂණිකව රුලි වැටෙන අතර එය එසේ නොවේ නම් එය ව්‍යාජ සිනහව සේ අදුන්වනවා.

2.       දුක
යමෙකු ඇත්තට ම දුක් වන්නේ නම් ඔහුගේ / ඇයගේ ඉහල ඇහි පිය හා ඇස් බැමි වල පිටත දාරය පහලට වැටෙන අතර ඇසේ නාභිය ඉතා කුඩා වන වා. මීට අමතරව දෙතොල් කෙලවර  යම්තම් පහලට තල්ලු වෙනවා.

3.       තරහාව
පුද්ගලයා නිසැකව තරහෙන් පෙලේ නම් ඔහුගේ දෙතොල් පටු වන අතර ඒව එකමත එක තෙරපීමට ලක්වනවා. මීට අමතරව ඇස් බැමි නාසය දෙසට ඇල වන අතර , ඔහුගේ දෑසේ දීප්තිමත් ස්භාවයක් දැකිය හැකිය.

4.       නින්දාව /  අවමන / හෑල්ලුව
මෙම අභිනය හදුනා ගැනීම තරමක් අපහසු වන අතර එය ඉතා ක්ෂණිකව සිදුවන්නකි. මෙහිදී ඔහුගේ / ඇයගේ දෙතෙලේ එක් කෙලවරක් ඉහලට එසවෙන අතර එය පෙර සදහන් කල පරිදි ක්ෂණිකව සිදුවේ. මේ හා සමගාමීව එම පුද්ගලයා යම්තම් පහල බැලීමක් යම් අවස්ථාවන් වලදී නිරීක්ෂණය කල හැක.

5.       කළකිරීම / පිලිකුල් බව
උඩු තෙල වැඩි වශයෙන් ඉහලට එසවී මුඛය තුල ඇති දත් පෙනේ නම් එමගින් පෙන්වන්නේ මෙම අභිනය වේ. තවද මේ සමගම නාසය රුලි වැටීමක්ද නිරීක්ෂණය කල හැක.

6.        බිය
දෙතොල් සමාන්තරව එම පුද්ගලයාගේ කන් දෙසට ඇදෙන අතර පහල ඇහි පිය තදට ඇදෙනවාත් සමගම ඉහල ඇහි පිය ඉහලට එසවේ. මීට අමතරව  ඇහි බැමි ඉහලට එසවී එකට තදවීමක් ද සිදුවෙනවා.

  

7.       පුදුමය
ඉහලට එසවුනු ඇහි බැමි හා විශාල වුනු ඇස් වලට අමතරව මදක් විවෘත වුණු මුඛය මෙම අභිනය හදුනා ගැනීමට උපකාරී වේ.

පහත රූපයෙන් දැක්වෙන්නේ එම අභින අපේ මුහුණේ මැවෙන අයුරුයි.



මෙම අභිනයන් භාවිතයෙන්  අපරාධකාරයන් හදුනා ගන්නේ කෙසේද ? එය ඉතාම සරලයි , අපරාධකරු සමග ප්‍රශ්ණ කරන විට අසන ප්‍රශ්ණ හා එයට  ඔහු දක්වන ප්‍රතිචාර එහෙමත් නැතහොත් ඔහු දක්වන ක්ෂුද්‍ර අභින මගින් ඔහු පවසන්නේ ඇත්තද බොරු ද කියා හදුනා ගත හැක.
මකල් ට මේ post එක දාන්න හිතු නේ මකල් මේ දවස් වල බලන lie to me කියන TV Show  එක නිසයි. ඒකෙත් සිදුවන්නේ මෙම අභින භාවිතයෙන් අපරාධකරුවන් කොටු කර ගන්න එකයි.





Comments

  1. අපොයි අපොයි..මීට පස්සෙ මල්ලිට බොරු කරලා හමාරයි වගේ..
    හික්ස්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source