Android

කාලෙකට පස්සේ blog එකට බැස්සේ. ගිය සතියෙම මකල්ට mid exam එකනේ ඉතින් වැඩ කෝටියයි :) මේ සැරේ post එක හැම දෙනාම මේ දවස්වල කථා කරන Android ගැන.

Android ඇත්තට ම මොකද්ද මේ ? 

Android කියන වචනයේ තේරුම නම් මින්ස් රුව ඇති රොබෝ කියන එකලු (මදුර ශබ්දකෝෂයට අනුව). එතකොට මොකද්ද මේ phone වල භාවිතා කරන android කියන්නේ.

Android කියන්නේ Linux Kernel  එක භාවිතා කරල සාදපු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක්. නැත්නම් mobile Os එකක්

මේ Os එක හැදුවේ Google සමාගම විසින් 2005 දී මිලයට ගත් android නම් සමාගම විසිනි. ඒ අනුව මෙම Os එක Open Source Os එකක් විදිහට Google විසින් 2007 ප්‍රසිද්ධියට පත් කරා.

ඇන්ඩොයිඩ් පරිඝණක භාෂා කීපයක එකතුවක් මෙහි හරය C වලින්ද අතුරු මුහුණත (User Interface) එක java ද ඊට අමතරව C++ ද හැඩගැන් වී තිබෙනවා.

ඇන්ඩොයිඩ් සංස්කරණ මේ වන විට කිහිපයක් දැනටමත් නිකුත් වී ඇති අතර මේ සංස්කරණ වල හැදින්වීමේ නාම සියල්ලම අතුරු පස වල නම් වීම විශේෂයක් සේ සලකනු ලබයි.

  • 1.5 (කප් කේක්) - මූලිකව ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- මූලිකව ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- මූලිකව ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)-ට්‍රැබ්ලට් පරිඝණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'-ට්‍රැබ්ලට් පරිඝණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'-ට්‍රැබ්ලට් පරිඝණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් )-ට්‍රැබ්ලට් පරිඝණක හා ජංගම දුරකථන සදහා (එලිදැක්වීමට නියමිත සංස්කරණය)

ඇන්ඩොයිඩ් වඩාත්ම ප්‍රචලිත වීමට හේතු වූයේ එම දුරකථන වල පවතින ආකර්ශණීය පෙනුම හා ක්‍රියා කාරීත්වයයි. එහි ඇති ස්පර්ශ සංවේදක තිරය තව තවත් මෙම දුරකථන වල ආකර්ශණය වැඩි කරයි.

දැනට ඇප්ලිකේෂන් 250,000 වැඩි ප්‍රමාණයක් නිතුත් වී ඇති අතර ඒ සියල්ලම පාහේ දුරකථනය තුල ඇති ඇන්ඩොයිඩ් මාර්කට් නම් ඇප්ලිකේෂණය භාවිතා කරමින් දුරකථනය තුලට භාගත කිරීමේ පහසුකම සලසා ඇත.

මෙම දුරකථන වල ඇති තවත් පහසුවක් වන්නේ පාරිහෝගිකයා ට අවශ්‍ය පරිදි ඔහුගේ / ඇයගේ දුරකථනය සකසා ගත හැකි වීමයි. මෙය සරලව දුරකථනය root කර ගැනීම ලෙස හදුන්වන අතර එමගින් දුරකථන පාරිශිලියාට දුරකථනයේ system files තම ප්‍රිය පමණින් සකසා ගැනීමේ පහසු කම සලසා දේ.

Facebook, Google, Twitter etc වැනි ඕනෑම සමාජ වෙබ් අඩවි පහසුවෙන්ම සැරිසැරීමේ හැකියාව සලසා දීමද මෙහි ඇති තවත් විශේෂත්වයක් වේ

2012-01-21 දිනෙන් පසු රෑටි කරන ලද දුරකථන මගින් සිංහල අක්ෂර භාවිතා කිරීමේ අවකාශය සලසා දෙන ලදි......................

වැඩි දුරටත් විස්ථර අවශ්‍ය නම්
www.android.com

Comments

  1. අපූරුයි නෙ..මම මේ එකක්වත් දැනගෙන හිටියෙ නෑ නොවැ..

    ReplyDelete
  2. ඇයි ඕන තරම් ඇප් තියෙන්නේ නේ, එල එල
    hail Android

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source