Posts

Showing posts with the label මට හිතෙන දෑ

පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න…………….

Image
ඔයාට දවසක අඩන්න වුනොත්,, මට කතා කරන්න... මම ඔයාව හිනස්‌සනවා කියල,, පොරොන්දු වෙන්නෙ නැහැ,, එත් මට පුලුවන් ඔයත් එක්‌කම අඩන්න... ඔයාට දවසක හැමදෙයකින්ම ඈතට දිව යන්න ඔන වුනොත්,, මට කතා කරන්න... මම ඔයව නවත්ව ගන්නවයි කියල,, පොරොන්දු වෙන්නෙ නැහැ,, එත් මට පුලුවන් ඔයත් එක්‌කම දිවයන්න... ඔයාට දවසක කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදි ඉන්න ඔන වුනොත්,, මට කතාකරන්න.. මම පොරොන්දු වෙනව,, බොහෝම නිශ්ශබ්දව ඔයගෙ ලගටම වෙල ඉන්නවයි කියලා... එත් දවසක ඔයා මට කතා කලත්,, මගෙන් කිසිම පිලිතුරක්‌ නැති වුනොත්,, පුලුවන් තරම් ඉක්‌මනට මාව සොයන් එන්න……………. ~අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි

මාරු සල්ලී කොන්දොස්තර සහ අපි

Image
මාරු සල්ලී ගන්න ඉතිරි දෙන්න මාරු නෑ !!! බස් එක්කට  ගොඩ උන හැම වෙලාවකම අහන්න වෙන කථාවක් තමා මේක. මකලට තියෙන ප්‍රශ්නය තමා කොයි වෙලාවකම වත් මේ ගොල්ලෝ ගාව මාරු සල්ලී නැද්ද කියන එක ? අනික මාරු සල්ලී අරන් එන එක කොන්දොස්තර මහතාගේ වගකීම. ඒකත් බස් එකේ යන අහිංසක මගී ජනතාවට කියනවානම් කොන්දොස්තර කෙනෙක් ගේ රස්සාවෙන් ඇති කිසි පලක් නෑ කියන එකයි මකලා නම් හිත්න්නේ. ඒත් රු 10 ක ට්කට් එකකට රු 1000 ක් දෙන එක වැරදි. ඒත් රු 13 ටිකට් එකට රු 20 ක් දුන්නම රු 7 ක් ඉතිරි දෙන්නේ නැතිව තව රු 3ක් ඉල්ලලා කරදර කරන එක හරි නෑ නේද? අනික මේ රු 3 නැති උනාම මාරු සල්ලී ගේන්න දන්නේ නැද්ද කියල බැනුම් අහන්න වෙන එක ඊට හපන්. තමන් ගේ රැකියාව හරියට කරන්න දන්නේ නැති කම කියලා තමා මකලට මේ ගැන හිතෙන්නේ. අනේ මන්ද මකලා වැරදිද නැත්නම් මකලා බස් එකේ යන විදිය වැරදිද කියලා මකලට නම් තේරෙන්නේනෑ.

MY NAME IS MAKAL AND I AM NOT A TERRORIST

Image
යු ද්දෙ ඉවර වෙලා අවුරුදු 4 ලු. මාරයි අවුරුදු 4 ක් ගිහින්. මේ දවස් වල මේ ගැන ආයෙත් උත්සව තියෙනවලු රට පුරා. අපේ රටේ මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සති 2යි ලු ඒක නිසා වෙන්න ඇති ආණ්ඩුවේ මැති ඇමති ගොල්ලො සති 2න් 2කට මේ ගැන මතක් කරල අවුරුද්කට සැරයක් මේ ගැන ලොකුවට උත්සව තියන්නේ. උත්සව තිබ්බට කමක් නෑ ඒත් මේ වගේ පිස්සු වැඩ වලට නාස්ති කරන්නේ මහජන මුදලුයි කාලයයි කියල කාටවත් ඇයි තේරෙන්නේ නැත්නේ ඒ තරමටම අපේ මිනිස්සු අන්ධ වෙලාද ? මකල්ට මේ මුකුත් තේරෙන්නේ නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් තමයි. ඒ මනුස්සයා මරපු දවස සමරන්න තරම් අපි තිරිසන් වෙලා ද ? අපි සිංහල බොදු රටක් නේ ද ? මිනිහෙක් මරල අවුරුදු පතා ජොලි කරන එක අපේ ආගමට එකගද ? . කෝ මේ ගැන ඇයි බොදු බල සේනා නැගිටින්නේ නැත්තේ ? දුටුගැමුණු රජතුමා එළාරව මරපු තැන චෛත්‍යක් හැදුවලු. මම හිතන්නේ නෑ දුටුගැමුණු රජතුමත් විජයග්‍රහණයේ සැමරුම අවුරුදු පතා කරා කියලා. පොඩ්ඩක් හිතල බලන්න මේ ගැන මේ වගේ පුහු දේවල් කරන්න තරම් අපි නිවට උනේ ඇයි කියලා.  දැන් මේ උත්සවේ දැකල ඇමරිකන් කාරයොත් සමරන්න පටන් ගනියි ද දන්නේ නෑ. මේ දවසේ මේ විකාර කරන්නේ නැතිව දානයක්...

දැන් වත් නැගිටිමු ද ?

Image
කාලෙකට පස්සේ post එකක් දාන්නේ මේ ගැන කව්රුත්ම කථා නොවෙන නිසයි. මොකක් ගැන ද මේ මකල් කියන්නේ ? අද රට තමා ඕන මාතෘකාව දැන් බලන්න ලයිට් බිල බඩු බිල අහස උසට නැගලා. සාමාන්‍ය මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි වෙන විදිහටම ජීවන වියදම ඉහල ගිහින් ඒත් මේ ගැන කථා කරන්න කව්රුවත් නෑ. මොකද අපි ලෝකෙ දකින්නෙ පාට පාට කණ්නාඩි වලින් නේ. මකලුත් ඔය කණ්නාඩි වලින් ලෝකය දැකපු කාලයක් තිබ්බා ඒත් තව දුරටත් එහෙම නෑ. ලංකාව දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ඉස්සර වගේ සාමකාමී පරිසරයක් දැන් ලංකාවේ නෑ. යුද්දෙ තිබ්බත් අපේ මිනිස්සු බයක් හැකක් නැතිය යුද්දෙ තිබුණු නැති පැතිවලට ගියා. ඒත් දැන් ලංකාවෙ කොහෙට ගියත් මෙනව වෙයි ද කියල උඩ ඉන්න දෙයියන්ටත් කියන්න බෑ. මේ දවස් වල වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ මොනවද ස්ත්‍රී දූෂණ, මුදල් කොල්ල කෑම් මේ වගේ දේවල්. ඉස්සරට වඩා දැන් මේව වැඩි වෙලා කියලයි මකල්ට හිතෙන්නේ. මකල් හිතන්නේ දැන් මිනිස්සු ඉන්නේ අසහනයෙන් තෙරපි තෙරපි. මේවට වග කියන්න ඕනෙ රටේ ලවතින ආණ්ඩුව (දැන් ඉතින් කියයි මකලුත් මහරජ විරෝධී අධිරජ්‍යවාදී කුමණ්ත්‍රණ කාරයෙක් කියලා, කව්රු කොහෙම හිතුවත් කමක් නෑ)  පවතින ආණ්ඩුව පිස්සු කෙලින කොට මහජනත...

Dream Come True

Image
වෙලාව 2.30 ට විතර ඇති. කොමන් එක ගාවින් එන කොට කටිට්ය ගෙඩයි. මොකද වෙන්නේ කියල බලන්ත් එක්ක මකලුත් ඔලුව දාලා බැලුව. අප්පට සිරි අපේ උන් ඔක්කෝම පෝලින් ගැහිල. මොකද්ද සිද්දිය කියල බලන්නත් එක්ක මකලුත් ගියා කොමන් එක ඇතුලට. එතකොටම කොහෙන්දෝ ආපු අයිය කෙනෙක් අහපි “මල්ලිත් ..‍සෙට් වෙනව ද කට්ටියත් නෑ කියල “. මකලුත් ඔන්න ඔව් කියපු ගමන් අර අයියා කිව්වා අන්න අතනට ගිහින් බර බලල ඤ ‍ෆෝම් එකක් ඉල්ල ගන්න කියලා. ඔන්න ඉතින් මකලුත් ගියා බර  කිරන්න කියලා. තරාදිය උඩ හිට ගත්ත විතරයි කට්ට ගිහින් නතර උනේ 75 උඩ. මකලුත් ඒ තරම් බරයි කියලා මකල්වත් දැන ගෙන හිටියේ නෑ :) . එතන හිටපු අන්කල් කෙනෙක් බර 75 යි කියල ෆෝම් එකේ ලියලා දුන්න මේක පුරවන් එන්න කියලා.   ෆෝම් එක වීරයා වගේ ගත්තට මකලුත් දැන් නම් ටික ටික වෙව්ලනවා කියලා මකල්ට තේරෙනවා. ඔන්න ඔය අස්සෙම සුළු දිය අඩස්සියකුත් හැදිල. ෆෝම් එක යාළුවෙකුට දීලා මකලුත් ගියා එහා පැත්තෙ තියෙන wash room  එකට........................................................................................................................................................... ගිහින්...

සුව නින්ද

Image
ඔන්න කාලෙකට පස්සේ blog එක පැත්තට ආවේ. මේ post ගැන වරදවා හිතන්න එපා අනික මේක ලස්සන post එකකුත් නෙවෙයි. ඇත්තටම මකල් SLIIT යන්නේ බෝඩිමක ඉදලා නොවෑ. SLIIT 1 වසර ඉන්න කාලෙ නම් මකල්ගේ අක්කට සෑහෙන්න වද දුන්න අක්කලාගේ ගෙදර ඉදලා ඇවිල්ලා. ඉතින් මකල් 2 වසරට ආව ගමන් බෝඩිමක් හොයා ගත්තා. බෝඩිමක් කිව්වට මේක ගෙදරක්. බෝඩිමේ ඔක්කොම 4 යි. පිස්සු කෝටියයි. ඉතින් බෝඩිමට එන දවස් වල මකල් නිදා ගත්තේ අකුලන ඇදක. මුල් දවස්වල නම් නියමෙට නිදා ගත්තා ඒත් පහු පහු වෙන්න ඇද පිස්සු නටන්න පටන් ගත්තා. ඉතින් මකල් මකලුත් මාස 9 ම දුක් විදලා නිදා ගත්තා. මේ ගැන දුක හිතිල මකල් ගෙ අක්කා මකල්ට පට්ටම පට්ට ඇදක් ඊයේ අරන් දුන්න. ආයෙ ඉතින් කියල වැඩක් නෑ ඇදනම් මල් 500 යි. මකල් නිදා බෝඩිමට ආවත් හරි මෙහෙම නිදා ගෙන නෑ කවදාවත්. ඒත් මකල් ගෙ රූමනම් කිව්වෙ මකල් පරණ ඇදේ වගේ මේ ඇදෙත් ගුලි වෙලා නිදා ගන්නවා කියලා. ඇත්ත වෙන්න ඇති. තවම ඉතින් ඇද ගත්තා විතර නේ. කල් යන කොට හරි යයි. ඉතින් මකල්ගේ අක්කට පිං දෙන ගමන්න මේ විකාර post එක නතර කරන්න හිතුවා ‍ඕන්. රූපෙ ඉන්න අක්කා තරම් මේ ඇදේ නිදාගන්න එක ලේසි නෑ

blog එකේ නම වෙනස් කලෙමි

Image
ඇත්තටම මකල් ට මේ idea එක ඇවිත් දවස් කීපයක් විතර වෙනවා. මකල් ඉස්සර භාවිතා කල නම දිග වැඩි නිසා ඔන්න blog එකේ නම මකල් කියලා වෙනස් කරා. ඉතින් අදින් පස්සේ blog ලෑල්ල නෑ ඕන්.

පෞද්ගලික විශ්ව විද්‍යාල (Private Campus)

මේ දවස් වල හැමෝම කථා කරන දෙයක් ගැන මකල් ටත් මොනව හරි blog එකේ කොටන්න හිතුනා ! මොකද මකලත් අධ්‍යාපනය ලබන්නේ private campus එකක හින්ද . මකලත් පොඩි කාලෙ ඉදල ආණ්ඩුවේ campus එකකට යන්න හීන දැකපු කොල්ලෙක්. ඒ මකලගෙ අක්ක නිසා වෙන්න ඇති. ඒත් පූරුවේ කරුමෙට මකලට ඒ හීනෙ සැබෑ කරගන්න බැරි වුනා :( ඉතින් මකල ගෙ අම්මයි තාත්තයි මකලව දැම්ම private එකකට. ටිකක් විතර වියදම් නම් තමා ඒත් පිටරටකට යන්න මකල ගෙ අම්මලට හයිය නැති හින්ද මේක වියදම් අඩුයි කියලා හිතෙනවා. මමත් මුල්ව දවස් වල හිතාගෙන හිටියේ private campus කියන්නේ කිසිම වැඩක් නැති සල්ලි වලට degree එක දෙන තැනක් කියල. ඒත් වැඩේ තේරුනේ ගියාට පස්සේ නොවෑ. මේක එසේ මෙසේ තැනක් නෙවෙයි හැම දාම  assignment, practical exam කෙලවරක් නෑ. අපිට rag එක වගේ ඒව නැති වුනාට අපි batch වල අය ඔක්කොම එකා වගේ ඉන්නවා. පොඩි පොඩි වලි එහෙමත් යනවා ඒත් ඉතින් ඒව පොඩි වෙලාවකට විතරයි. මේ දවස් වල ගොඩක් අය කෑගහන් නේ මොකට ද කියලා මකල් ට නම් තේරෙන්නෑ. ඔය කෑගහන අය පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් බැලුව නම් තේරෙයි සල්ලි වලට හැම දේම කෙරෙන්නේ නෑ  කියලා. මකල් ට හිතෙන්නේ ඕක ලංකාවේ හැටි කිය...

මකල්

මේක මකල් ගේ පලවෙනි post එක. ඒක හින්ද මකල් ගැන මකල් ට post එකක් දාන්න හිතුනා මකල් කියන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ (දන්න සිංහලෙන් කියනවානම් SLIIT ) 2 වන වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්. මකලුත් අනිත් අය වගේ හොදට කාල බීල ඉන්න සාමාන්‍ය මනුස්පයෙක්. තව......................................... ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මකල් ට blog ලෑල්ල කරන්න idea එක දුන්න මකල් ගේ අක්කට ඒ වගේම මකල් ගෙ ලගින්ම ඉන්න අයියට යි. හැම වෙලාවෙම මකල් ලග ඉන්න අම්මටයි තාත්තටයි මකල් එක හිතින් පිං දෙනවා.......!!!! අයෙනම් මකල් ට මුකුත් ලියන්න හිතෙන් නෙ නෑ  ඕන් ඒක හින්දා මකල් නවතිනවා ආයෙත් දවසක ලෑල්ල ගාවට සෙට් වෙමු......................... !!!!!!!!!!!!!