Posts

Showing posts from April, 2016

දළදා හාමුදුරුවනේ

Image
දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි ගී පද - සමුද්‍ර වෙත්තසිංහ  ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ  ගායනය - සුනිල් එදිරිසිංහ
Image
ආදර අඹරෝරෙදි ඔබ මා මඟ හැර ගියදා කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා විඳවන්න තිබුනා මට ඔබ සිහිකර කර මෙදා ආශාවරී ඔබෙ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා හිතන්නවත් මට බෑ මෙදා ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උනුසුම විඳ විඳ සුවසේ පෙරලී හිඳ මා තුරුලේ හිනැහුනු තරමට ඔබගේ ගත මා ලඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ අවරට යන හිරු සඳ වාගෙමද මා දුටුවේ වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ පහසම පමණද පැතුවේ මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ ගී හඬ  කල්පන නයනමඩු ගී නද පසන් ලියනගේ ගී පද කැළුම් ශ්‍රී මාල්