Posts

Showing posts from October, 2014

මාරු සල්ලී කොන්දොස්තර සහ අපි

Image
මාරු සල්ලී ගන්න ඉතිරි දෙන්න මාරු නෑ !!! බස් එක්කට  ගොඩ උන හැම වෙලාවකම අහන්න වෙන කථාවක් තමා මේක. මකලට තියෙන ප්‍රශ්නය තමා කොයි වෙලාවකම වත් මේ ගොල්ලෝ ගාව මාරු සල්ලී නැද්ද කියන එක ? අනික මාරු සල්ලී අරන් එන එක කොන්දොස්තර මහතාගේ වගකීම. ඒකත් බස් එකේ යන අහිංසක මගී ජනතාවට කියනවානම් කොන්දොස්තර කෙනෙක් ගේ රස්සාවෙන් ඇති කිසි පලක් නෑ කියන එකයි මකලා නම් හිත්න්නේ. ඒත් රු 10 ක ට්කට් එකකට රු 1000 ක් දෙන එක වැරදි. ඒත් රු 13 ටිකට් එකට රු 20 ක් දුන්නම රු 7 ක් ඉතිරි දෙන්නේ නැතිව තව රු 3ක් ඉල්ලලා කරදර කරන එක හරි නෑ නේද? අනික මේ රු 3 නැති උනාම මාරු සල්ලී ගේන්න දන්නේ නැද්ද කියල බැනුම් අහන්න වෙන එක ඊට හපන්. තමන් ගේ රැකියාව හරියට කරන්න දන්නේ නැති කම කියලා තමා මකලට මේ ගැන හිතෙන්නේ. අනේ මන්ද මකලා වැරදිද නැත්නම් මකලා බස් එකේ යන විදිය වැරදිද කියලා මකලට නම් තේරෙන්නේනෑ.