Posts

Showing posts from September, 2012

අළුත් වැඩක්. Need Help from U

Image
ඔන්න අද ඉදල මකල් අළුත් වැඩක් පටන් ගන්න කියලයි හිතාගෙන ඉන්නේ. මකල් ඉගෙන ගන්නේ IT කියලා ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඇති නේ. ඒක නිසා මකල්ට හිතුනා programming ලැන්වේජ් ගැන දල අදහසක් දෙන්නත් එක්ක කෝඩින්  Articles ටිකක් blog එකට දාන්න කියලා. එහෙම කිව්වට මට තවම කිසිම අදහසක් නෑ මේක කොහොමද කරන්නේ කියලා ඒක නිසා ඕගොල්ලන්ගෙන් අහල බලන්න හිතුනා. ඕගොල්ලෝ මොකද හිතන්නේ මම පටන් ගන්න ඕනෙ කොතන ඉදලද ?

Dream Come True

Image
වෙලාව 2.30 ට විතර ඇති. කොමන් එක ගාවින් එන කොට කටිට්ය ගෙඩයි. මොකද වෙන්නේ කියල බලන්ත් එක්ක මකලුත් ඔලුව දාලා බැලුව. අප්පට සිරි අපේ උන් ඔක්කෝම පෝලින් ගැහිල. මොකද්ද සිද්දිය කියල බලන්නත් එක්ක මකලුත් ගියා කොමන් එක ඇතුලට. එතකොටම කොහෙන්දෝ ආපු අයිය කෙනෙක් අහපි “මල්ලිත් ..‍සෙට් වෙනව ද කට්ටියත් නෑ කියල “. මකලුත් ඔන්න ඔව් කියපු ගමන් අර අයියා කිව්වා අන්න අතනට ගිහින් බර බලල ඤ ‍ෆෝම් එකක් ඉල්ල ගන්න කියලා. ඔන්න ඉතින් මකලුත් ගියා බර  කිරන්න කියලා. තරාදිය උඩ හිට ගත්ත විතරයි කට්ට ගිහින් නතර උනේ 75 උඩ. මකලුත් ඒ තරම් බරයි කියලා මකල්වත් දැන ගෙන හිටියේ නෑ :) . එතන හිටපු අන්කල් කෙනෙක් බර 75 යි කියල ෆෝම් එකේ ලියලා දුන්න මේක පුරවන් එන්න කියලා.   ෆෝම් එක වීරයා වගේ ගත්තට මකලුත් දැන් නම් ටික ටික වෙව්ලනවා කියලා මකල්ට තේරෙනවා. ඔන්න ඔය අස්සෙම සුළු දිය අඩස්සියකුත් හැදිල. ෆෝම් එක යාළුවෙකුට දීලා මකලුත් ගියා එහා පැත්තෙ තියෙන wash room  එකට........................................................................................................................................................... ගිහින් ඇවිල්ලා ඉල්ල ගත්තා

සුව නින්ද

Image
ඔන්න කාලෙකට පස්සේ blog එක පැත්තට ආවේ. මේ post ගැන වරදවා හිතන්න එපා අනික මේක ලස්සන post එකකුත් නෙවෙයි. ඇත්තටම මකල් SLIIT යන්නේ බෝඩිමක ඉදලා නොවෑ. SLIIT 1 වසර ඉන්න කාලෙ නම් මකල්ගේ අක්කට සෑහෙන්න වද දුන්න අක්කලාගේ ගෙදර ඉදලා ඇවිල්ලා. ඉතින් මකල් 2 වසරට ආව ගමන් බෝඩිමක් හොයා ගත්තා. බෝඩිමක් කිව්වට මේක ගෙදරක්. බෝඩිමේ ඔක්කොම 4 යි. පිස්සු කෝටියයි. ඉතින් බෝඩිමට එන දවස් වල මකල් නිදා ගත්තේ අකුලන ඇදක. මුල් දවස්වල නම් නියමෙට නිදා ගත්තා ඒත් පහු පහු වෙන්න ඇද පිස්සු නටන්න පටන් ගත්තා. ඉතින් මකල් මකලුත් මාස 9 ම දුක් විදලා නිදා ගත්තා. මේ ගැන දුක හිතිල මකල් ගෙ අක්කා මකල්ට පට්ටම පට්ට ඇදක් ඊයේ අරන් දුන්න. ආයෙ ඉතින් කියල වැඩක් නෑ ඇදනම් මල් 500 යි. මකල් නිදා බෝඩිමට ආවත් හරි මෙහෙම නිදා ගෙන නෑ කවදාවත්. ඒත් මකල් ගෙ රූමනම් කිව්වෙ මකල් පරණ ඇදේ වගේ මේ ඇදෙත් ගුලි වෙලා නිදා ගන්නවා කියලා. ඇත්ත වෙන්න ඇති. තවම ඉතින් ඇද ගත්තා විතර නේ. කල් යන කොට හරි යයි. ඉතින් මකල්ගේ අක්කට පිං දෙන ගමන්න මේ විකාර post එක නතර කරන්න හිතුවා ‍ඕන්. රූපෙ ඉන්න අක්කා තරම් මේ ඇදේ නිදාගන්න එක ලේසි නෑ