Posts

Showing posts from March, 2012

හෝ ගාන පොකුණ

Image
මේ පෝස්ට් එක කෙටන්න හිතුනෙ මකල් ගිය සතියෙ මකල් ගෙ යාළුවොත් එක්ක හෝ ගාන පොකුණට ගිය නිසා වෙන්න ඇති. හෝ ගාන පොකුණ මොකද්ද කියලා ඔයගොල්ලො දන්නවා ඇති නේ. මකල් පොඩි කාලේ හරිම ආසයි හෝ ගාන පොකුණේ නාන්න ඒත් මොනව කරන්නද හෝ ගාන පොකුණ මකල් ඉන්න පැත්තට ගොඩාක් දුරයි නොවෑ. පොඩි කාලෙ ඉදල මකල් ගෙ හිතේ තිබුන ආසාවක් තමයි මේ පොකුණ ගාව රැ යක් ගත කරන එක. ඒ ආසාවත් ගිය සතියෙ මකල් ගෙ යාළුවන්ට පිං සිද්ද වෙන්න සැබෑ වුනා. ඇත්තටම හෝ ගාන පොකුණ කියන්නේ හරිම පුදුමාකාර තැනක් දුක , සතුට ගෙවා ගන්න තියෙන අරුම පුදුම තැනක්. මකල් එදා දවසෙම කලේ හෝ ගාන පොකුණට කකුල් 2 ක දාගෙන පරක් තෙරක් නොපෙනන තරු පිරිණු අහස දිහා බලන් හිටපු එකයි. එහෙම බලන් ඉන්න කොට මකල්ට හිතුන දෙයක් තමයි මේ පොකුණ සමහර වෙලාවට කොච්චර දරුණු වුනත් පුංචි ලමයෙක් වගේ මෙයා ආයෙත් කිසිම දෙයක් නොවුන ගානට ඉන්න එක කොච්චර පුදුම දෙයක් ද කියන එක. එදා දවසම මකල් ට හිතුනේ ඔය වගේ දේවල්  හින්ද මකල් ගෙ යාළුවො කිව්වෙ මකල් ගෙ මොලෙත් පොකුණ ගාව ඉදල ලුණු වලින් පෙගිල කියල යි. මකල් එක්ක මේ ගමන ගිය මකල් ගෙ යාළුවො තමයි සයිකා, සුජ්ජා, මෙන්ඩියා , ගජ්ජා , සජ්ජා , බිජ්ජා , ගලයා , නිප්පා

බොරු කියන්නේ බලා ගෙනයි.

Image
අපි එදිනෙදා ජීවිතයේ දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කොච්චර බොරු කියනවා ඇත්ද ? ඒත් අපි කොයි වෙලාවක වත් දැන ගෙන ඉදල තියෙනවා ද අපි කියන බොරු අපේ මුහුණෙන් පෙන්නනවා කියලා..... මේ ක්‍රියාවලිය Micro Expression කියලා හදුන් වනවා එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර අභිනය කියලා හදුන්වන්නත් පුලුවන්.  අපි මුහුණ දෙන හැගීම් හෝ තත්ව යටතේ මුහුණේ ඊබේ ඇතිවන ක්ෂණික ඉරියවු වෙනස් වීම ක්ෂුද්‍ර අභිනයක් ලෙස හදුන්වන්න පුලුවන්.ක්ෂුද්‍ර අභින ඇති වීමට මුහුණේ ඇති මාංශ පේශි උපකාරවේ. මෙම ඉරියව් වෙනස් වීම සාමාන්‍යෙයන් ඇතිවන ඉරියව් වෙනස් වීම සේ සගවා තබා ගත නොහැක. ක්ෂුද්‍ර අභින 7 ක් ප්‍රධාන වශයෙන් හදුනාගත හැක ඒවා නම් , තරහව බිය දුක සතුට පුදුමය නින්දාව /   අවමන / හෑල්ලුව කළකිරීම / පිලිකුල් බව මෙම අභින සියල්ලම සියළුම සතුන් හා මිනිසුන්ට පොදු වන අතර ඔහුන්ගේ රූප ස්වභාවය , ජාතිය ,..... මත මෙය වෙනස් නොවේ. මෙම අභින ඉතා ඉක්මන්න් ඇති වන අතර එම කාලය 1/25 – 1/15 තත්පර සේ ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙම අභින නීරීක්ෂණය කිරීමට අවශ්‍යනම් වඩාත් උනන්දුවෙන් එය කිරිය යුතුය. මෙම අභිනයන් වැරදි කරුවන් හදුනා ගැනීමේ නවතම ක්‍රම

Android

Image
කාලෙකට පස්සේ blog එකට බැස්සේ. ගිය සතියෙම මකල්ට mid exam එකනේ ඉතින් වැඩ කෝටියයි :) මේ සැරේ post එක හැම දෙනාම මේ දවස්වල කථා කරන Android ගැන. Android ඇත්තට ම මොකද්ද මේ ?  Android කියන වචනයේ තේරුම නම් මින්ස් රුව ඇති රොබෝ කියන එකලු (මදුර ශබ්දකෝෂයට අනුව). එතකොට මොකද්ද මේ phone වල භාවිතා කරන android කියන්නේ. Android කියන්නේ Linux Kernel  එක භාවිතා කරල සාදපු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක්. නැත්නම් mobile Os එකක් මේ Os එක හැදුවේ Google සමාගම විසින් 2005 දී මිලයට ගත් android නම් සමාගම විසිනි. ඒ අනුව මෙම Os එක Open Source Os එකක් විදිහට Google විසින් 2007 ප්‍රසිද්ධියට පත් කරා. ඇන්ඩොයිඩ් පරිඝණක භාෂා කීපයක එකතුවක් මෙහි හරය C වලින්ද අතුරු මුහුණත (User Interface) එක java ද ඊට අමතරව C++ ද හැඩගැන් වී තිබෙනවා. ඇන්ඩොයිඩ් සංස්කරණ මේ වන විට කිහිපයක් දැනටමත් නිකුත් වී ඇති අතර මේ සංස්කරණ වල හැදින්වීමේ නාම සියල්ලම අතුරු පස වල නම් වීම විශේෂයක් සේ සලකනු ලබයි. 1.5 (කප් කේක්) - මූලිකව ජංගම දුරකථන සදහා 1.6 (ඩෝනට්) - මූලිකව ජංගම දුරකථන සදහා 2.0 (ඉක්ලෙයා) - මූලිකව ජංගම දුරකථන සදහා 2.1 (ඉක